ශ්‍රී ලංකාවේ ප්‍රථම පණිවිඩ හුවමාරු චන්ද්‍රිකාව නොවැම්බර් මස 22 වැනිදා චීනයේ ෂී චෑන්ග් චන්ද්‍රිකා නිකුතු මධ්‍යස්ථානයෙන් අභ්‍යවකාශ ගත කිරීමට නියමිතව පවතී. ශ්‍රී ලංකා වේලාවෙන් රාත්‍රී 9.30 ට ගුවන්ගත කෙරෙන මෙය එම වේලාවෙන් විනාඩි 7 කට පසු දිවයිනට ඉහළින් අභ්‍යවකාශයේ ස්ථානගත වන්නට නියමිතව ඇත.
චන්ද්‍රිකා තාක්ෂණයේ පියා දිවංගත ශ්‍රී ලාංකික විද්‍යාඥ ශ්‍රීමත් ආතර් සී. ක්ලාක් මහතා ලොවට හදුන්වා දුන් චන්ද්‍රිකා තාක්ෂණය ජයගැනීමට ශ්‍රී ලංකාවටත් හැකිවීම සැබවින්ම ආශ්චර්යමත් දෙයකි.
මෙය ඇ.ඩො. මිලියන 320 ක ව්‍යාපෘතියක් වන අතර සුප්‍රීම්සැට් ( SupremeSAT) සමාගම චීන රජයට අයත් චයිනා ගේට් වෝල් ඉන්ඩස්ට්‍රී කෝපරේෂන් හා එක්ව මෙම චන්ද්‍රිකාව නිෂ්පාදනය කර ඇත. එමෙන්ම මෙම ව්‍යාපෘතිය පසුපස සිටිමින් තම සිහිනය ජයගැනීමට වෙරදරන නියමුවා වන්නේ අභ්‍යවකාශ ඉංජිනේරුවකු වන රෝහිත රාජපක්ෂ මහතායි.
ජනපති මහින්ද රාජපක්ෂ මහතාගේ බාල පුතු වන ඔහුගේ එකම සිහිනය වූයේ කවුරුත් නොකල දෙයක් කර ලංකාවේ නම ජාත්‍යන්තරයට ගෙන යෑමයි. සුප්‍රීම්සැට් සමාගම සමග ඔහු සිදුකල සාකච්ඡාවක ප්‍රතිඵලයක් ලෙස මෙම චන්ද්‍රිකාව කක්ෂගත කෙරෙන්නේ ලංකාවට විශාල ප්‍රතිලාභ රැසක් අත්කර දෙමිනි.
![](https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEhrwCMdKM9CxA-v4QfYhwv_IK6nNuBt3HqeutePuhkr87TMQZD3Sx1FNAT3iuEktU5IPdNRlPeRivUH_69I4I_ODYWDWvKqXWXZgPNg_u9RrKRolNVUoOXyeCS4w_DkIBbDZ_XuyZD0x_wP/s1600/z_p20-Navy1.jpg)
ඉදිරියේදී ශ්‍රී ලාංකික අභ්‍යවකාශ ඉංජිනේරුවන් පුහුණු කිරීමේ මධ්‍යස්ථානයක් ඇරඹීමට ද තමාගේ අදහසක් ඇති බව රෝහිත රාජපක්ෂ මහතා ප්‍රකාශ කළේය.
ඡායාරූප පහතින්