ගිනි අවි පරීක්ෂාවෙන් ඔළුව කෑලිවේ,

ටී 56 උණ්ඩ යෙදිය හැකි ගල්කටස් අවියක් පරීක්ෂා කිරීම සඳහා එය තම හිසට එල්ල කර කොකා ගැස්සූ හෝටල් සේවකයකු බරපතල තුවාල සහිතව මහනුවර මහ රෝහලට ඇතුළු කර තිබේ.



‍කෑගල්ල ප්‍රදේශයේ හෝටලයක සේවයකරන්නෙකු වන ඔහු එම අවිය උඩට ඔසවා කිහිපවරක් කොකා ගස්සා ඇතත් එය ක්‍රියාත්මක වී නොමැත. පසුව ඔහු එම ගිනි අවිය තම හිසට එල්ල කර කොකා ගස්සා ඇති අතර ඒ අවස්ථාවේ එය ක්‍රියාත්මක වී තිබේ.

පසු එම ස්ථානයට පැමිණි පොලිස් නිළධාරීන් පොලිස් සුනඛයන්ගේද ආධාර ඇතිව අත් බෝම්බ දෙක්ක සහ උණ්ඩ කිහිපයක් එම ස්ථානයේ තිබී සොයාගෙන තිබේ.

කෑගල්ල පොලීසිය විසින් වැඩිදුර පරීක්ෂණ පවත්වනු ලැබේ.

Gossip Lanka Hot News Previous News Archive