දෝෂාභියෝග තේරීම් කාරක සභාවේ කටයුතු නවතන්නයි ශ්‍රේෂ්ඨාධිකරණය කියයි

SC requests postponing of impeachment hearing
අගවිනිසුරු ශිරාණි බණ්ඩාරනායක මහත්මියට එරෙහිව නඟා ඇති දෝෂාභියෝග චෝදනා විමර්ශනය කිරීම සඳහා පත් කළ තේරීම් කාරක සභාවේ විභාග කටයුතු නතර කරන ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවෙන් ඉල්ලීමක් කරයි.

ව්‍යවස්ථාදායකය හා අධිකරණය යන ආයතන දෙකෙහි අන්‍යෝන්‍ය සබඳතාවත්, ගෞරවයත් ආරක්ෂා වන පරිදි කටයුතු කළ යුතු බැවින් තේරීම් කාරක සභාවේ කටයුතු නතර කිරීම සුදුසු බව ශ්‍රේෂ්ඨාධිකරණයේ තීරණය වී තිබේ.



දැනට අධිකරණය හමුවේ විභාගවෙමින් පවතින පෙත්සම් සම්බන්ධයෙන් වැදගත් තීරණ ගැනීමට ඇති හෙයින් එකී තීන්දු ලබාදෙනතුරු තේරීම් කාරක සභාවේ විභාග කටයුතු නතර කරන ලෙස ශ්‍රේෂ්ඨාධිකරණ විසින් ඉල්ලා ඇති බව අද දෙරණ අධිකරණ වාර්තාකරු පවසයි.

අගවිනිසුරුවරියට එරෙහි චෝදනා විමර්ශනය සඳහා පාර්ලිමේන්තු තේරීම් කාරක සභාව හෙට දිනයේ රැස්වීමට නියමිතව තිබුණි.

- Adaderana



Gossip Lanka Hot News Previous News Archive