ශ්‍රේෂ්ඨාධිකරණ භූමියේ තැනින් තැන කැලෑ පත්තර


අලුත්කඬේ පුරා කැලෑ පත්තර

අගවිනිසුරුවරියටත්, ඇගේ සැමියා වන ප‍්‍රදීප් කාරියවසම් මහතාටත් එරෙහිව අලූත්කඬේ ශ්‍රේෂ්ඨාධිකරණ භූමියේ තැනින් තැන කැලෑ පත්තර තොග පිටින් දමා ගොස් තිබේ.

'දෝෂාභියෝගය' යනුවෙන් නම් කර පිටු 30 ක් වන පත්තරයක් ලෙස සකසා ඇති එම කැලෑ පත්තරයේ, අගවිනිසුරුවරියගේත්, ඇගේ සැමියා සහ අධිකරණ කොමිසන් සභාවේ ලේකම් මංජුල තිලකරත්න මහතාගේ ඡයාරූප ඇතුලත්ව ‘අධිකරණයේ ස්වාධීනත්වය රැක ගනිමු’ යනුවෙන් මුල් කරවරය සකසා ඇත.



ප‍්‍රදීප් කාරියවසම් මහතා ජාතික ඉතිරි කිරීමේ බැංකුවේ සභාපතිව සිටි සමයේ ඔහු විසින් කරන ලදැයි කියන වංචා මෙන්ම, අගවිනිසුරුවරිය, අධිකරණ ලේකම් සමග එක්ව නීතියට පිටින් කර ඇතැයි කියන විස්තර ද එම පුවත්පතේ අන්තර්ගත බව වාර්තාවේ.

Gossip Lanka Hot News Previous News Archive