මම සටන් කරනවා මගේ ජීවිතය ගියත් මට කමක් නැහැ-හිරුණිකා ප්‍රේමචන්ද්‍ර ,I have nothing to lose

භාරත ලක්ෂ්මන් මහතා ඇතුළු සිව්දෙනෙකු ජීවිතක්ෂයට පත්කරමින් සිදුවු වෙඩි තැබීමේ සිද්ධියෙන් පසු පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද සිල්වා මහතාගේ හිසට කරන ලද සැත්කමෙන් ඉවත් කරන ලද කොටස් පිළිබඳ වාර්තාවක් ඉදිරිපත් කරන ලෙස අද අධිකරණය නියෝග කළේ ය.

ශ්‍රී ජයවර්ධනපුර රෝහලේ අධ්‍යක්ෂකවරයාට ,කොළඹ අතිරේක මහේස්ත්‍රාත් ප්‍රසන්න ද අල්විස් මහතා විසින් එම නියෝගය කරනු ලැබුණි.

ඒ මෙහි එක් සැකකරුවෙකු වෙනුවෙන් පෙනී සිටින නීතිඥ අනූජ ප්‍රේමරත්න මහතා කල ඉල්ලීමකට අනුව ය.

අද මෙම සිද්ධියේ සැකකරුවන් මහේස්ත්‍රාත්වරයාට හමුවට ඉදිරිපත් කරනු ලැබු අවස්ථාවේදී භාරත ලක්ෂ්මන් මහතාගේ ඥාතීන් වෙනුවෙන් පෙනී සිටි උපුල් කුමාරප්පෙරුම මහතා කියා සිටියේ මේ සිද්ධිය ආරම්භයේ සිටම නීතිපතිවරයාගේ උපදෙස් ලබා ගැනීමට ඇතැයි , මෙහි පරීක්ෂණ කටයුතු කල අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරින් පැවසුවත් මේ දක්වා එම උපදෙස් ලැබී නැති බව ය.

පසුගිය කාලය පුරාම එලෙස නීතිපතිවරයාගේ උපදෙස් ගැනිමට ඇති බව පවසමින් , අදාල සිද්ධිය දිනෙන් දි‍න කල් යන නමුත් එහි වෙනත් ප්‍රතිඵලයක් නැති බව ඔහු පැවසීය.

සැකකරුවන් යලිත් ලබන 20 වැනි දින අධිකරණයට ඉදිරිපත් කරන ලෙස මහෙස්ත්‍රාත්වරයා නියෝග කළේ ය.

හිරුණිකා ප්‍රේමචන්ද්‍ර

'' මම පොළොන්නරුව හිඟුරක්ගොඩ ස්ටේජ් එකට නැග්ගයින් පස්සේ ගොඩක් අය මම මගේ තාත්තව සල්ලි වලට විකුණුවා කියලා.මම පැහැදිලිවම කියන්න කැමතියි මොන ප්‍රශ්නෙ වුණත් මගේ තාත්තට පුදුමාකාර අසාධාරණයක් සිද්ධ වුණා මේ පක්ෂෙ ඉන්නකොට .එයාගේ තිබ්බ සංවිධායකකම දුන්නයින් පස්සේ තමයි දැන් කොලොන්නාව දැන් ඕනි කෙනෙක් දන්නවා දැන් කොලොන්නාවට මොකද වෙලා තියෙන්නේ කියලා.ළඟදීම සමහරවිට මම කාටවත් හිතාගන්න බැරි තීරණ මොකක්හරි පියවරක් ගනියි.ඒ පියවරට මම දන්නවා කොලොන්නාවේ ජනතාව සියලු දෙනා මාත් එක්ක එක්කහු වෙයි.මම සටන් කරනවා මගේ ජීවිතය ගියත් මට කමක් නැහැ.මට තව නැතිවෙන්න දෙයක් නැහැ ''

Gossip Lanka Hot News Previous News Archive