13 වැනි සංශෝධනය පිළිබඳ සාකච්ඡ කිරීමට දිනයක් හා වේලාවක් ලබාදෙන ලෙස විරවංශ ඇමැතිවරයා එජාප නායකවරයාගෙන් කළ ඉල්ලීමක් අනුව ඔහු එජාප නායකයා ඇතුළු පක්ෂයේ නියෝජිත පිරිසක් සමග පාර්ලිමේන්තුවේ විපක්ෂ නායක කාර්යාලයේදී මුණගැසී සාකච්ඡ කළ බවද හෙතෙම සඳහන් කරයි.
එහිදී විපක්ෂ නායකවරයා 13 වැනි සංශෝධනයේ වගන්ති පමණක් නොව මැතිවරණ ක්‍රමය ඇතුළු සමස්ථ ව්‍යවස්ථාවේම ඇතැම් වගන්ති කාලානුරූපව වෙනස් විය යුතු ආකාරය පිළිබඳව වීරවංශ අමාත්‍යවරයාව දැනුම්වත් කර ඇති බව කී ගයන්ත කරුණාතිලක මන්තී‍්‍රවරයා, සාකච්ඡව එතෙකින් අවසන් කර කෝපි සංග්‍රහයක් භුක්තිවිඳ ඔහු පිටව ගිය බවත් සඳහන් කෙළේය.