කොළඹ කච්චේරිය ගින්නෙන් විනාශයි, Colombo District Secretariat building (Kachcheri) extensively damaged due to a fire

කඩාකප්පල්කාරී
ක්‍රියාවක්‌දැයි පරීක්‌ෂණ
ආදායම් බදු
ලිපි ලේඛනත් අළුවෙයි

කොළඹ වේල්ල වීදියේ පිහිටා තිබෙන කොළඹ දිස්ත්‍රික් ලේකම් කාර්යාල ගොඩනැඟිල්ල (කොළඹ කච්චේරිය) ඊයේ (26) රාත්‍රීයේ හදිසියේ ඇති වූ ගින්නකින් සම්පූර්ණයෙන්ම පාහේ විනාශ විය. කොළඹ දිස්ත්‍රික්යේ වෙසෙන විසි දෙලක්ෂයකට අධික ‍ජනතාවගේ වටිනා ලියකියවිලි ඇතුළු දෑ විනාශ කරමින් හට ගත් ගින්නට හේතුව පුවත් පත මුද්‍රණයට යන අවස්ථාව වන විටත් හඳුනා ගෙන නොතිබුණු අතර සිද්ධිය සම්බන්ධයෙන් පොලීසිය පුළුල් පරීක්ෂණයක් පවත්වන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි ප්‍රිශාන්ත ජයකොඩි මහතා දිනමිණට පැවැසීය.

වසර සියයක් පමණ පැරැණි දිස්ත්‍රික් ලේකම් කාර්යා‍ලයේ මහල් දෙකටම බරපතළ හානි සිදු කළ ගින්න රාත්‍රී දහය වන විටත් බුර බුරා ඇවිලෙමින් තිබිණ. කාර්යාලයේ ‍පරිගණක, ලිපිගොනු, රාක්ක, අල්මාරි, මේස යනාදිය ගිනි රකුසාට බිලි‍ වෙමින් තිබිණි.
ගින්න නිවා දැමීමට ගිනි නිවීමේ දෙපාර්තමේන්තුව, ශ්‍රී ලංකා ගුවන් හමුදාව සහ ජලසම්පාදන මණ්ඩලයේ සේවකයෝ පැය ගණනාවක් තිස්සේ දැඩි පරිශ්‍රයක් දරමින් සිටියහ.
ගොඩනැඟිල්ල වටා වූ වැසි ආවරණ සහ ලී සොල්දරය ගින්නෙන් දැවී කැබැලි බිමට කඩා වැටෙනු දක්නට ලැබිණ. ඇසින් දුටුවන් ප්‍රකාශ කළේ රාත්‍රී හතයි තිහට පමණ උඩු මහලින් හට ගත් ගින්න පසුව බිම් මහලට ද ව්‍යාප්ත වූ බවයි.
ගිනි නිවන රථ රැසකින් පැමිණි ගිනි නිවන භටයන් මහත් පරිශ්‍රමයක් දරා ගින්න පැතිරීම වැළක්වීමට කටයුතු කළත් ඒ සියලු උත්සාහයන් ව්‍යර්ථ කරමින් ගින්න ගොඩනැඟිල්ල පුරා පැතිර යනු එම ස්ථානයට ගිය අපට දැකගන්නට ලැබිණ.
ගොඩනැඟිල්ලේ බිම් මහලේ පිහිටා ඇති ලංකා බැංකු ශාඛාවට ද ගින්නෙන් හානි සිදුව තිබෙනු දක්නට ලැබිණ.
ගින්න මඳක් පාලනය කිරීමෙන් අනතුරුව ගොඩනැඟිල්ල ආසන්නයටම ගිය මාධ්‍යවේදීන්ට දක්නට ලැබුණේ උඩුමහලේ දැවුණු කොටස් බිම් මහලට වැටී තිබුණු අන්දමයි.
දිස්ත්‍රික් ලේකම් කාර්යාලය අවට පිහිටා තිබෙන අනෙකුත් ගොඩනැඟිලිවලට ගින්න පැතිර යාම වැළැක්වීමට ගිනි නිවන්නෝ දැඩි පරිශ්‍රමයක් දැරූහ.
කාර්යාල වේලාවෙන් පසු මෙම ගින්න සම්බන්ධයෙන් තමාට දැනගන්නට ලැබුණු බවත් ඒ සමඟම මෙම ස්ථානයට පැමිණි බවත් කොළඹ දිස්ත්‍රික් ලේකම් කමල් පද්මසිරි මහතා දිනමිණට පැවැසීය.
ගින්නට හේතුවක් මෙතෙක් ‍දැනගන්නට නොමැති බව පැවසූ දිස්ත්‍රික් ලේකම්වරයා දිස්ත්‍රික් ලේකම් කාර්යාලය තුළට තවමත් යා නොහැකි නිසා එහි ඇති වටිනා කියන ලියකියවිලි සම්බන්ධයෙන් කිසිවක් ප්‍රකාශ කළ නොහැකි බව කීවේය.
ගින්නෙන් උඩුමහලට බරපතළ හානි සිදුව ඇති බව පැවසූ පද්මසිරි මහතා සිය කාර්යාලයත් ගින්නෙන් විනාශව ඇති බව කියා සිටියේය.
ගින්න පිළිබඳ දැනගන්නට ලැබීමත් සමඟ දහසක පමණ ජනතාවක් දිස්ත්‍රික් ලේකම් කාර්යාලය වටා එක්රොක් වී සිටිනු දක්නට ලැබිණ.
පොලීසිය, යුද හමුදාව ඇතුළු ආරක්ෂක අංශ නිලධාරීහූ ජනතාව සහ රථවාහන පාලනය කරමින් ගිනි

උපුටගැනීම - Dinamina News

Gossip Lanka Hot News Previous News Archive