යුවළක් ආවේශ වී දෙදෙනෙක් බිලිගනී, Deva Yagaya at Dehiaththa kandiya

ආවේශ වී ගෙලතුලට පිහියක් ඇතුල් කරලා

දෙහිඅත්තකණ්ඩිය කදිරපුර ගම්මානයේ නිවසක අද (28) අලුයම බහිරව යාගයක් පවත්වමින් සිටි යුවළක් ආවේශ වී පිහියකින් මුවට සිදු කළ පහරදීමකින් පහළොස් වියැති පාසල් සිසුවියක්ද බරපතල පිලිස්සුම් තුවාල ලැබූ හත් හැවිරිදි දැරියක්ද මියගොස් ඇත. සිද්ධියෙන් 19 වියැති එක් දරු මවක් බරපතල පිලිස්සුම් තුවාල ලබා දෙහිඅත්තකණ්ඩිය සහ රෝහලේ ප්‍රතිකාර ලබන බව දෙහිඅත්තකණ්ඩිය පොලිසිය කියයි. මියගොස් ඇත්තේ කදිරපුර අංක 25 ලිපිනයේ පදිංචිව සිටි අම්පාර අදහිඅත්තකණ්ඩිය දොලකන්ද මහා විද්‍යාලයේ 9 වන ශේණියේ ඉගෙනුම ලබමින් සිටි එච්.එම්. අමන්දා ‍ප්‍රභාෂ්වරි හේරත් නැමති සිසුවියක් හා හංසිකා නිලූ කුමාරි නැමති දැරියකි.

දෙහිඅත්තකණ්ඩිය මූලික රෝහලේ සිට පොළොන්නරුව ‍මහරෝහලට මාරු කර යවා ඇත. පිලිස්සුම් තුවාල ලැබූ අවුරුදු 19 වියැති එකදරු මව දෙහිඅත්තකණ්ඩිය මූලික රෝහලේ ප්‍රතිකාර ලබන බව දෙහිඅත්තකණ්ඩිය මූලික රෝහලේ වෛද්‍ය අධිකාරි ඩබ්ලිව්. සී. කේ. වීරපාන මහතා ප්‍රකාශ කළේය. ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති පූජිත ජයසූන්දර මහතාගේ උපදෙස් පරිදි අම්පාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි අජිත් රෝහණ, මහ ඔය වැඩබලන සහකාර පොලිස් අධිකාරි පවිත්‍ර දයාරත්න යන මහත්වරුන්ගේ මග පෙන්වීම අනුව දෙහිඅත්තකණ්ඩිය පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරික්ෂක ජයශාන්ත ද සිල්වා මහතා ප්‍රමුඛ නිලධාරිහු කණ්ඩායමක් වැඩි දුර පරික්ෂණ සිදු කරයි. බහිරව යාගය පවත්වමින් සිටි යුවළ දෙහිඅත්තකණ්ඩිය පොලිසිය මඟින් අත්අඩංගුවට ගෙන දෙහිඅත්තකණ්ඩිය මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත බව අප කළ විමසීමකදී දෙහිඅත්තකණ්ඩිය පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරික්ෂක ජයශාන්තද සිල්වා මහතා පැවසීය.






Gossip Lanka Hot News Previous News Archive