සුනඛ ගහණය ශීඝ්‍රයෙන් ඉහළට, Dog Population has increased



කොළඹට දෙවැනි මහ නගරය වන දකුණු කොළඹ ප්‍රදේශයට අයත් දෙහිවල – ගල්කිස්ස මහ නගර සභා සීමාවේ සුනඛ ගහණය ඉතා ශීඝ්‍රයෙන් වර්ධනය වෙමින් පැවැතීම නිසා ජල භීතිකා රෝග වසංගතය පැතිර යෑමේ දැඩි අවධානමක් පවතින බැව් සෞඛ්‍ය අංශ අනාවරණය කර සිටී.
සුනඛ ගහනය වර්ධනය දෙස සාපේක්‍ෂව බලන විට මේ වන විට තිස්හය දහස දක්වා උත්සන්න වී තිබේ.
මීට වසර දොළහකට පෙර එනම් වසර 2000 දී පමණ ප්‍රදේශය පුරා වාසය කර ඇත්තේ සුනඛයන් දස දහසකටත් අඩු ප්‍රමාණයක් බව සංගණන වාර්තා හෙළිදරව් කර සිටිය ද එය මේ වන විට 26,000කින් වැඩිවී ඇති බවට සත්ව අවිහිංසාවාදී සංවිධානයක් මෑතක දී කරන ලද සමීක්ෂණයක හෙළිදරව් වී තිබේ.

Gossip Lanka Hot News Previous News Archive