පැන යාමට උත්සාහ කළ FaceBook පෙම්වතා විවාහකයෙක්

ෆේස් බුක් වෙබ්අඩවියෙන් හඳුනා‍ගත් තරුණයකු සමඟ හාදවී පැන යාමට උත්සාහ කළ පැසැල් සිසුවියක් අද (21) උදේ ප්‍රදේශවාසීන් සහ පොලිසිය මැදිහත් වීමෙන් වළක්වා ගැනීමට සමත් වී ඇත. අද (21) උදෑසන පාසලට එන බව දෙමාපියන්ට හඟවා නිල ඇඳුමින් පැමිණි සිසුවිය නිල ඇඳුම ගලවා බෑගයේ දමාගෙන තරුණයා සමඟ පැන යාමට උත්සාහ ගෙන ඇත.

සිසුවිය අම්බලන්ගොඩ නගරයේ බාලිකා විදුහලක ඉගෙනුම ලබන දැරියකි. තරුණයා පිළියන්දල ප්‍රදේශයේ අයෙකි. දීර්ඝ කාලයක් සිසු දැරිය සහ තරුණයා ෆේස් බුක් එක තුලින් හඳුනාගෙන දැඩි හාදකමක් ගොඩනගා ගෙන ඇති අතර ඔවුන් දෙදෙනා අද (21) උදේ පැනයාමට තීරණය කර ගෙන තිබිණි. තරුණයා පිළියන්දල ප්‍රදේශයේ සිට පැමිණ දෙදෙනා හමුවී ඇත. පොලිස් අත්අඩංගුවට ගත් තරුණයා විවාහ වී දැනට දික්කසාද නඩුවකට පැටලී සිටින්නකු බවද අනාවරණය වී ඇත. සැකකාර තරුණයා ස්ථිර රැකියාවක් නොමැති අයෙකු බවද ඔහු පවසා තිබේ. ෆේස් බුක් එක මඟින් තරුණියන් හඳුනාගෙන හාදකම් පවත්වාගෙන යාම ඔහුගේ විනෝදාංශය බවද පොලිසිය අනාවරණය කර ගෙන ඇත.

Gossip Lanka Hot News Previous News Archive