අධික වර්ෂාව හේතුවෙන් නිල්වලා ගඟ පිටාර ගැලීමත් සමඟ පවුල් රැසක් පීඩාවට පත්ව සිටී.
ආපදා කළමනාකරණ මධ්‍යස්ථායේ සහකාර අධ්යක්ෂ ප්‍රදීප් කොඩිප්පිලි මහතා පැවසූවේ, නිවාස කිහිපයකට ද හානි වී ඇති බවය.
මාතර ප්‍රදේශයට ඇද හැලුණු අධික වැසි සමඟ නිල්වලා ගඟ පිටාර ගැලීමෙන් ප්‍රදේශ රැසක් ජලයෙන් යට වි තිබේ.
ඒ හේතුවෙන් මුලටියන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ රංසසෑගොඩ සහ මාකදුර ප්‍රදේශවල නිවාස රැසක් ජලයෙන් යට වී තිබේ.ඒ අතර කඹුරුපිටිය දෙයියන්දර මාර්ගය සහ අකුරැස්ස කඹුරුපිටිය මාර්ගද ජලයෙන් යටවී තිබූ අතර වාහන ධාවනය ද අඩාල වූ බව අප වාර්තාකරු පැවසීය.