![](https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEhbM-0hfYrdx_4QBiVrahuZfB-Bgzsmtg-NJJP9A3fOMwi8vdw0bs2N4aB5xVqrICDoL3CU5ozh20lOQtA5Sol29WzMaDvhv0ZcMMZSBIyvrBSMO3WdukiH65qslXgGv9Sf_jklEMlRuVM/s1600/money-1.jpg)
රුපියල් ලක්‍ෂ 150 ක් (මිලියන 15 ක්) පමණ වටිනා විදේශ මුදල් ගුද මාර්ගයේ සඟවා ගෙන රටින් පිට කිරීමට උත්සාහ කළ ඉන්දීය ජාතිකයන් තිදෙනෙකු අද අලුයම ගුවන් තොටුපළ රේගු අත්අඩංගුවට පත්විය. නියෝජ්‍ය රේගු අධිකාරි විමල් පියසුමන මහතාට ලද තොරතුරක් මත මෙම වැටලීම කළ බව රේගුව පවසයි.
ඉන්දියවේ සිට පැමිණි UL 306 දරණ ශ්‍රී ලංකන් ගුවන් යානයෙන් සිංගප්පූරුව බලා පිටත්ව යාමට උත්සාහ කිරීමේ දී මෙම වැටලීම කර ඇත. අත්අඩංගුවට පත් විදේශ මුදල් අතර යූරෝ හා ස්විස් ෆෑන්ක් වේ. රේගු අධ්‍යක්ෂ තිලක් පෙරේරා මහතාගේ උපදෙස් පරිදි රේගු අධිකාර් එස්.පී.ඊ.බාලසූරිය මහතාගේ මෙහෙයවීමෙන් වැඩිදුර පරික්ෂණ පැවැත්වේ. රේගු පරික්ෂණය නියෝජ්‍ය රේගු අධ්‍යක්ෂ ස්ටැන්ලි සේනාරත්න මහතා විසින් සිදු කිරීමට නියමිතය.