නඩරාසා මදින්දරන් හෙවත් ප‍්‍රංශ කොටි ලොක්කා වෙඩි තබා මරා දමලා, France LTTE leader shot dead in Paris

ප‍්‍රංශයේ එල්. ටී. ටී. ඊ නායකයා ලෙස සැලකෙන නඩරාසා මදින්දරන් හෙවත් පරිදි නැමැත්තා ඊයේ (08) රාත‍්‍රියේ වෙඩි තබා ඝාතනය කර තිබේ.

ප‍්‍රංශයේ දෙමළ සම්බන්ධීකරණ කණ්ඩායම නැමැති එල්. ටී. ටී. ඊ හිතවාදී සංවිධානයේ ප‍්‍රධානියා ලෙස ද මොහු කටයුතු කර තිබේ.



ප‍්‍රංශය ඇතුලු යුරෝපාකරයේ කොටි ප‍්‍රචාරක කටයුතුවල නිරත වූ මොහු පසුගිය වසරේදීද නාඳුනන කණ්ඩායමකගේ ප‍්‍රහාරයකට ලක්වූ බව විදෙස් මාධ්‍ය වාර්තා තවදුරටත් සඳහන් කරයි.

ඊයේ රාත‍්‍රියේ සිය කාර්යාලයෙන් ඉවතට පැමිණෙන විට ඔහුට කිසියම් පිරිසක් විසින් වෙඩි තබා ඇත.

පැරිස් පොලිසිය එම ස්ථානයට පැමිණ පරීක්ෂණ ආරම්භ කර තිබෙන අතර ඝාතකයන් පිළිඹඳ හෝඩුවාවක් හෝ ලැබී නැත.

Gossip Lanka Hot News Previous News Archive