ගැන්ග්නම් පෙන් ඩ්‍රයිව්, Gangnam Pen drive

ඉතා කෙටි කලකින් මුළු ලොවක්ම උමතුවට පත් කීරීමට සමත් වූ දකුණු කොරියානු පොප් ගායක පාර්ක් ජේසන් (PSY) ගේ ‘ගැන්ග්නම් ස්ටයිල්’නර්තනය මේවන විට තව තවත් ජනප්‍රියවෙමින් පවතී.

2012 වසරේ ජුලි මාස 15වනදා ප්‍රසිද්ධියට පත් කල මෙම ගීතය යූ ටියුබ් ඔස්සේ මේ වන විට නරඹා ඇති පිරිස මිලියන 630 ඉක්මවා ඇත.

එසේම මේවන විට මෙම නර්ථන ශෛලියේ අනුරූ රැගත් පරිගණක පෙන් ඩ්‍රයිව් වෙළෙඳපළට නිකුත්වන්නට පටන් ගෙන ඇතැයි වාර්තා වේ. ඒ අනුව PSYgangnam style USB flash driveඑකක් භාවිත කිරීමේ අවස්ථාව දැන් ජනතාවට ලැබී ඇත.



මෙම වර්ගයේ පෙන් ඩ්‍රයිව් 4GB, 8GB, 16GBසහ32GB දක්වා වූ දත්ත ගබඩා කළ හැකි වන සේ නිපදවා තිබේ. ඒවායේ මිළ ගණන් ඇමෙරිකානු ඩොලර් 17 සිට ඩොලර් 35දක්වා මිළ කර ඇත.

මෑතකදී ශ්‍රී ලංකාවේ පැවැත්වූ ලෝක කුසලාන විස්සයි විස්ස ක්‍රිකට් තරඟාවලියේ දී කොදෙව් කණ්ඩායමේ ක්‍රිස් ගේල් ක්‍රීඩා පිටියේ දී ඔහුගේ සතුට ප්‍රකාශ කිරීමත් සමඟ මෙම නර්තනයට බොහෝ දෙනාගේ අවධානය යොමු විය.

දකුණු කොරියාවේ ගැන්ග්නම් දිස්ත්‍රික්කයේ සෝල් නුවර වෙසෙන ජනකොට්ඨාසයක ජීවත් වන මිනිසුන්ගේ ජීවන රටාවේ රිද්මය විදහා දක්වමින් මෙමරිද්මානුකූල නර්තනය නිර්මාණය කර ඇත.

කෙසේ නමුත් ඔබට නටන්නට නොහැකි වුවත් මෙම ගැන්ග්නම් ස්ටයිල් පෙන් ඩ්‍රයිව් එක දකින හැම මොහොතකදීම විනෝදාත්මක හැඟීමක් පමණක් නොවේ එම නර්තනය පොඩ්ඩක් හෝ අතහදා බැලීමටවත් සිතේවි.

Gossip Lanka Hot News Previous News Archive