ඇමති ඩලස් ගේ "gangnam style" නැටුම

20-20 ලෝක කුසලානයේදී ක්‍රිස් ගේල්ගේ නැටුම සමග ලංකාවේ කරළියට පැමිණි කොරියානු ජාතික සයි ඉදිරිපත් කළ ගංග්නම් ශෛලියේ නර්තනය දැන් ලංකාවේත් විවිධ තැන් වල කථාබහට ලක්වෙනවා.

ඊයේ පාර්ලිමේන්තුවේ අයවැය විවාදයේදී ගංග්නම් නර්තනය ඇසුරෙන් දේශපාලනය පැහැදිලි කර සිටියේ ඩලස් අලහප්පෙරුම ඇමතිතුමාය.
ඒ පහත පරිදිය.
"දේශපාලනයට ගංග්නම් ස්ටයිල් එක ගැලපෙන්නෙ නෑ. වෙලාවකට අත් කරකවන...වෙලාවකට ඔලූ කරකවන...වෙලාවකට කකුල් කරකවන....ගංග්නම් ශෛලිය දේශපාලනේට ගැලපෙන්නෙ නෑ...තමුන්නාන්සෙලා එක එක ක්‍රමේට වෙලාවකට නටන්න පටන් ගන්නවා..විවේචනය කරන්න හැබැයි මිත්‍යා මත පතුරන්න එපා.."



Gossip Lanka Hot News Previous News Archive