සමලිංගික විවාහකයන්ගේ දරුවෝ , Gay marriage, “One child (equals) one father + one mother”

 ලක්ෂයකට අධික පිරිසක් සමලිංගික විවාහය සහ දරුවන් රැගෙන හදා ගැනීමට අයිතිය ලබාදෙන රජයේ පනතකට එරෙහිව සෙනසුරාදා රැලියක් පැවැත්වූහ. ටොලූස් නගරයේදී මෙම රැලියට විරුද්ධව සංවිධානය වූ පිරිසක් විසුරුවා හැරීමට පොලිසිය කඳුලූගෑස් ප‍්‍රහාරයක් එල්ල කලහ. සංවිධායකයන් පැමිණි පිරිස ලක්ෂයක් ලෙස දැක්වුවද පොලිසිය කියන්නේ උද්ඝෝෂණයට පැමිණියේ 70000ක පමණ පිරිසක් බවයි. ප‍්‍රංශ උද්ඝෝෂකයන් පිරිස, ‘විවාහය යනු ගැහැනියක හා මිනිසෙකුගේ එකතුවක් ’ බව ප‍්‍රකාශ කෙරෙන රටේ සිවිල් නීතියේ නිර්මාතෘ නැපෝලියන් බොනපාට්ගේ සොහොන ඇතුලත් INVALIDES ස්මාරකය වෙත ගමන් කලහ.



උද්ඝෝෂණයට විරුද්ධ පිරිස්ද පැරිස් නගරයේ වූහ. සමලිංගික අයිතිවාසිකම් ක‍්‍රියාකාරිනියක වු ඇලිස් කොෆින් ‘‘සමලිංගික විරෝධීනි අපටද ඔබට හා සමාන අයිතිවාසිකම් ඇත’’ ලෙස දැක්වෙන බැනරයක් අතැතිව සිටිනු දක්නට ලැබුණි. ඇය ඇතුළු 50ක පමණ පිරිසක් පෙලපාලිය MNTPARNASSE දුම්රිය ස්ථානය පසු කරන විට සමලිංගික විවාහ සංකේතවත් කරන සහල් සහ මල්පෙති විසි කලහ.

මධ්‍යස්ථ මතධාරී කතෝලික කණ්ඩායම් මෙම උද්ඝෝෂණ සංවිධානය කරන අතර ඔවුන් කියන්නේ මේ නීතිය මගින් ලමයකුගේ ලියාපදිංවි සහතිකයෙන් ‘පියා’ සහ ‘මව’ ඉවත් කර ‘දෙමවුපියා 1’ ’දෙමවුපියා 2’ ලෙස යෙදීමටද සිදුවන බවයි. පනතට ප‍්‍රංශ ජනපති හොලන්ඬේ සහ සමාජවාදී පක්ෂය සහය දක්වති.

මේ ගැටළුව මත රටේ අදහස් බෙදීමක් ඇතිවී ඇති අතර බොහෝ අය සමලිංගික විවාහ අනුමත කලත් දරුකමට හදාගැනීමට විරුද්ධ බව මෑතකාලීන සමීක්ෂණයකින් හෙලි වී ඇත.

මූලාශ‍්‍ර – 01

Gossip Lanka Hot News Previous News Archive