මම තනියම ජීවත් වෙන ගෑහැණියක්. - Geetha Kumarasinghe

සිනමා නිළි ගීතා කුමාරසිංහ පෙරේදා ඇගේ රංගනයෙන් සහ නිෂ්පාදනයෙන් හෙළ සිනමාවට තිළිණ කළ සම්මානනීය චිත්‍රපට පෙළක් DVD ලෙස එලි දැක්වුවා.

මේ අනුව පාලම යට, සළඹක් හඬයි, ලොකු දුව, අනුරාගේ අනන්තය යන චිත්‍රපටයි දොරට වැඩුනේ. කාලයකට පසුව ඇය පුවත්පතක් සමඟ සාකච්ජාවක් පවත්වා තිබුනා. එය පහතින්


නිළියක් හැටියට එදා ලැබුණු ජනප්‍රියත්වය අඩු වෙලා කියලා හිතෙන්නේ නැද්ද?
නෑ. එහෙම දෙයක් හිතෙන්නේ නෑ. ජනප්‍රියත්වය කියන එක ඉහටත් උඩින්න් මට තියනවා. චිත්‍රපට වලින් නොලැබුනත් ජනප්‍රියත්වය අඩු වෙලා නෑ.

නිළි ජීවිතයත් එක්ක ගත්තම හුදකලාවක් දැනෙන්නේ නැද්ද?
මට එහෙම හිතන්නවත් වෙලාවක් නෑ. මම හරිම කාර්ය බහුලයි.

රසික රසිකාවියන්ගෙන් ලැබුණු ආදර්ය මොන වගේද?
බොහෝ ඉහල ආදරයක් මට ලැබුණා. සමහරු ප්‍රේම කරන්නත් මට ආවා. අවුරුදු 3කින් විතර සිනමා නිර්මානයක දකින්නට නොලැබුනාට ආදරය තාමත් ඒ වගේමයි.

ආදරය කියන එක තේරුම් ගන්නේ මොන විදිහටද?
ඒක ඉතා ගැඹුරු මානුෂික හැඟීමක්

ඔයාගේ ජීවිතයත් එක්ක ගත්තම ඒ හැඟීම විස්තර කරන්නේ කොහොමද?
මම තනියම ජීවත් වෙන ගෑහැණියක්. සැබෑ ආදරය ලැබුනද කියලා මට සැකයි. ඇත්තටම මම හොයන ආදරය මට ලැබිලා නෑ. සියයට සියයක් අවංක ආදරයක්. ආදරය අවසානයේ සුන්දර වරදක් කියලා කියනවනේ. එතනදීත් අවසානයේ වරද පැටවෙන්නේ ගැහැණිය මතටමයි. ඇත්තටම හුඟක් වෙලාවට ආදරයේදී මං අසරණ වුණා.

ඒ හැම වෙලාවෙම මට චරිත ස්වභාවයෙන්ම දරාගන්න පුළුවන් කමක් ලැබුනා. පොදුවේ ආදරය දිහ තාමත් ආදරයෙන් බලන කෙනෙක් මම. ඒත් තනිකම තදින් දැනෙනවා. හුඟක් වෙලාවට මට තනිකම දරාගන්න බැරි තරම් වුණා. වෙලාවකට මට හිතෙනවා මගේ කතාව මුළු ලෝකයටම කියන්න. ඒත් වැඩක් නෑ කියලත් ආයේ හිතෙනවා.

සැමියාගෙන් ඔයාට ලැබෙන්නේ මොන වගේ සහයෝගයක්ද?
මම දේශපාලන කටයුතු වලට සම්බන්ධ වෙනවට සැමියා පොඩ්ඩක්වත් කැමති නැහැ. එයා මේ දවස් වල ලංකාවෙත් නෑ. අපි විවාහ වුනෙත් සිනමා නිළියක් හිටපු කාලයේ. එයා මාව දැන හඳුනාගත්තේ මම රඟපෑ චිත්‍රපට බලලා නෙවෙයි. ඇත්තටම අපිට යහපත් පවුල් ජීවිතයක් තිබුනා. ඒ අතරේ එක එක බලපෑම් කටකතාත් ඇතිවුණා. ඒවාට රුකුල් දෙන්න අයත් බලාගන හිටියා.

අද මම තනියම මගේ ගමට මිනිස්සුන්ට සේවයක් කරන්න වෙහෙසෙනවා. මට ස්විට්සර්ලන්තයේ පුරවැසිභාවයත් තියනවා. එහේ ජීවත් වෙන්න සුන්දර ගෙයකුත් තියනවා. ඒත් මගේ රට දාලා යන්න නම් මට බෑ.

තාරිකා දියණිය මේ දවස් වල ඔයත් එක්ක ජීවත් වෙන්නෙ?
දුව ස්විට්සර්ලන්තයේ සෙන්මේරිස් විද්යාලයේ අවු 15 විතර අධ්‍යාපනය ලැබුවා. දැන් අවුරුදු 3 ක ඉඳලා ඇමරිකාවේ ලෙයාලා විශ්ව විද්‍යාලයේ උපාධිය ලබනවා. අපිට හමුවන්න ලැබෙන්නේ වසරකට කිහිප වතාවක් විතරයිමගේ සතුට ගැන නෙවෙයි මම හිතුවේ. අම්මා කෙනෙක් වගේම මගේ සතුට ඇය වෙනුවෙන් පරිත්‍යාග කලා.

ඇය මොන වගේ දියණියක්ද?
ඇය ස්වාධීන දරුවෙක්. පොසිටිව් තින්කර් කෙනෙක්. මටත් යම් උපදෙස් දෙන්න හැකියාව තියන කෙනෙක්. ඇය දක්ක්ෂ චිත්‍ර ශිල්පිනියක්.

ආපසු හැරිලා බලනකොට ගැහැණියක් හැටියට මොකද හිතෙන්නේ?
මට ලස්සන ලමා කාලයජ් තිබුනා. අවු 16දී සිනමාවට ආව. සම්මාන ඇගයීම් ජනාදරයට පත්වුනා. අවු 25දී විවාහ වුනා. ඊට පස්සේ මවක් වුනා. අද මම ආර්ථික පැත්තෙන් ශක්තිමත් ගැහැණියක්.

පුංචි කාලේ ඔයාගේ සුරුබුහුටිකම් දැකලා මවුපියෝ මොනවගේ අනාවැකිද කිව්වේ?
මගේ අත් වල ඇඟිලි දිගටියි. ඉස්සර තාත්තා සමහර වෙලාවට මගේ අතේ ඇඟිලි අතගාලා දුවට හොඳින් පියානෝ වාදනය කරන්න පුලුවන් වෙයි කියලා තියනවා. මට ඇත්තටම හොඳට පියානෝ වාදනය කරන්න පුළුවන්.

එදා ඉඳලා වෙනසක් නැතුව දකින්න තියන ඔය සුන්දර සිනහවේ රහසක් තියනවද?
රහසක් නෑ. හදවතින්ම එන සිනහවනේ. 1979 දී පුන්නගෛ අරසි (සිනහවට වශීවී) ද්‍රවිඩ චිත්‍රපටයේ සිවාජි ගනේෂන් එක්ක රඟපාන්න අවස්ථාව ලැබිනෙත් මේ සිනහව හින්දයි.

කාලෙකට පස්සේ කරන කතා බහක් හින්දා විශේෂයෙන් කියන්න දේවලුත් ඇතිනේ නේද?
"සිරි දළදාගමනය" චිත්‍රපටයෙ මම රඟපෑවා. ආරාධනා ලැබුනොත් හොඳ ටෙලිනාට්‍යක වුනත් රඟපාන්න මම කැමතියි. පසුගිය කාලයේම නිහඬව සිටීම ගැන මම පසුතැවෙනවා. මරණය දක්වාම රඟපෑමේ යෙදෙන්නයි මම කැමති. ඒත් දේශපාලනෙත් එක්ක ඒකට වෙලාවක් නෑ. දේශපාලනේ පුදුමයි. සිනමාවේ තියන සැහැල්ලුව එතන නෑ. ආතතිය වැඩි කමට පහුගිය කාලයේ මම අසනීපත් වුණා.

Gossip Lanka Hot News Previous News Archive