Gemstones- ලොව විශාලතම මැණික් ගල් දෙකක් ප්‍රදර්ශනයේ.

ලොව මතෛක් වාර්තා වූ විශාලතම මැණික් ගල් දෙකක් මේ දිනවල රත්නපුර බටුගෙදර පිහිටි ප්‍රවීණ මැණික් විද්‍යාඥ සුනිල් පාලිත ගුණසේකර මහතාගේ මැණික් ප්‍රදර්ශනාගාරයෙහි ප්‍රදර්ශනයට තබා තිබේ.
ඉන් එකක් වන්නේ “සිලෝන්නයිට් කිරිංචි” (Ceylonite Crystal/ Fe- rich Spinel) වර්ගයට අයත් මියගිය තත්ත්වයේ (කට්ටයක්) පවතින මැණික් ගලකි. කුරුණෑගල දිස්ත්‍රික්කයේ අලව්ව ප්‍රදේශයෙන් හමු වූ එය කිලෝග්‍රෑම් 40යි ග්‍රෑම් 600ක් හෙවත් කැරට් 2,03,000ක් බරින් යුක්තය. එය ඇමෙරිකාවේ නිව්යෝක් නුවර, Excalibur Mineral Corperation ආයතනය මගින් පරීක්ෂා කර 2011 නොවැම්බර් මස 19 දින තත්ත්ව සහතික වාර්තාවක් නිකුත් කර තිබේ. එය ලොව මතෛක් හමු වූ විශාලතම සිලෝන්නයිට් කිරිංචි ගල (කට්ටය) බව සුනිල් පාලිත ගුණසේකර මහතා පවසයි.

අනෙක් මැණික, මැඩගස්කර් රටෙන් රළු මැණිකක් ලෙස ලංකාවට ආනයනය කෙරුණු වෙනස් වර්ණ සහිත ““Fluorite”” වර්ගයේ මැණික් ගලකි. එය ග්‍රෑම් 752.28ක් හෙවත් කැරට් 3761ක් බරින් යුක්තය. එම මැණික් ගල තැඹිලි සහ රතු මිශ්‍ර වර්ණයෙන් යුක්ත වන අතර, ලංකාවෙන්ද හමුවන පද්මරාග මැණිකකට බොහෝදුරට සමානය. එය ලොව මතෛක් හමුවූ කපා ඔප දැමූ වෙනස් වර්ණ සහිත Fluorite වර්ගයේ විශාලතම මැණික් ගල බව සුනිල් පාලිත ගුණසේකර මහතා කියයි. එය තත්ත්ව සහතික වාර්තාවක්ද සමග ඇමෙරිකානු ඩොලර් 40,000කට මිලකර ඇත. මැණික කපා ඔප දැමීම සඳහා රුපියල් 40,000ක් පමණ වැය වූ බවද හෙතෙම සඳහන් කළේය.

Gossip Lanka Hot News Previous News Archive