• මේ දවස්වල මොනවද කරන්නේ?
චාමර පීරිස්ගේ “යාය 4” ටෙලි නාට්‍යයේත්, සඳරුවන් ජයවික්‍රමගේ “සඳුපමා” ටෙලි නාට්‍යයේත් රූගත කිරීම්වලට සහභාගි වෙනවා. “රංජා” කියලා අලුත් චිත්‍රපටයේ වැඩ පටන් ගන්න සූදානමින් ඉන්නවා. ඊට අමතරව මගේ ච්චදජඪදඨ ට්පධභන එකේ වැඩකටයුතු කරගෙන යනවා.
• විවාහ වෙලා හුඟක් කල් නේද?
ඔව්. දැන් මම විවාහ වෙලා අවුරුදු 5ක් වෙනවා.
• විවාහක බිරියක් ලෙස සැමියගෙන් තහංචි නැද්ද මේ ක්‍ෂේත්‍රයේ රැඳෙනවට?
මම විවාහ වෙද්දිත් රඟපානවා. සැමියා දැනන් හිටියා මම රඟපාන බව. අනික මම චරිතයක් බාර ගද්දි වුණත් යම් යම් සීමාවන්වල ඉඳන් තමයි රඟපාන්නේ. ඒ නිසා සැමියට ආයෙත් අමුතුවෙන් කියන්න තරම් මගේ අඩුපාඩුවක් නෑ. ඒ නිසාම මේ වෙනකම් ගැටලුවක් ඇති වෙලා නෑ.
• ඔබට ලැබෙන චරිත තෝරා බේරා ගන්නේ කොහොමද?

• මෙච්චර කල් රඟපෑ චරිත ගැන මොනවද හිතෙන්නේ?
මම දැන් මේ ක්‍ෂේත්‍රයට ඇවිත් මහ ලොකු කාලයක් නෑ. ඒත් ක්‍ෂේත්‍රයේ ගොඩක් දෙනෙක් දන්නවා මම හො¼ද චරිතාංග නිළියක් කියලා. මම ගැමි චරිත, බටහිර පන්නේ චරිත ආදී හැම චරිතයක්ම රඟපාලා තියෙනවා. මගේ හැකියාව නිසාම මට සම්මානනීය නිළියක් වෙන්න පුළුවන් වුණා. ගොඩක් සතුටුයි ඉතින් ඒ ගැන.
• මෙතෙක් රඟපාන්න නොලැබුණු නමුත් රඟපාන්න ආසාවෙන් ඉන්න චරිතක් තියෛනවද?
මෙච්චර කල් රඟපෑ චරිතවලට වඩා වෙනස් චරිතයක් කරන්න ආසයි. හැදෑරීමක් කරලා රඟපාන්න පුළුවන් චරිතයක් කරන්න ආසාවෙන් ඉන්නේ. සාමාන්‍ය චරිතයකට වඩා ටිකක් වෙනස් මන්ද බුද්ධික වගේ චරිතයක් කරන්න ආසයි.

• රූගත කිරීම් අතරතුර අධ්‍යක්‍ෂවරයා හා අනෙකුත් නළු නිළියන් සමඟ ගැටුම් ඇති කරගත් අවස්ථා තියෙනවද?
නෑ..... නැති තරම්. නාට්‍ය තෝර බේරාගෙන රඟපාන නිසා එහෙම දෙයක් ඇති වෙලා නෑ. නාට්‍යයක් බාර ගනිද්දී අධ්‍යක්‍ෂවරයාත් එක්ක වැඩ කරන්න අපහසු නම් ප්‍රතික්‍ෂේප කළ අවස්ථා තියෙනවා. අපිත් නළු නිළියෝ වුණාට මනුස්සයො නේ. පුංචි පුංචි හිත් රිදවීම් වුණත් ඉවසගෙන ඉන්නවා, ඒ අවස්ථාවේදී කලබල කරන්නේ නැතිව.
• ප්‍රසිද්ධ වේදිකාවට සමුදිය යුතුයි කියලා හිතිලා නැද්ද?
හිතෙනවා. දැන් අපේ කාලේ ඉවරයි. දැන් අයින් වුණොත් හොඳයි කියලා. දැන් මම ක්‍ෂේත්‍රයට ඇවිත් අවුරුදු 10කටත් වඩා වැඩියි. අලුත් අය ක්‍ෂේත්‍රයට එනවා. නමුත් වැඩක් කරද්දි ඒ වැඩේට එයාලා කොයි තරම් සුදුසුද කියලා හිතෙන වෙලාලුවත් තියෙනවා. අපිට හොඳ ඉල්ලුමක් තියෙනවා. අලුත් පරම්පරාව තාම හරියට ක්‍ෂේත්‍රයට පිවිසිලා නෑ. එයාලා ශක්තිමත් නෑ. ප්‍රවීණයන්ගේ දේවල් අනුකරණය කරන්නේ නැතුව ඔවුන් නිර්මාණශීලී විය යුතුයි.
අපිට මේ ක්‍ෂේත්‍රයේ ඉල්ලුම අඩුයි කියලා දැනුණ දවසට එක තැන පල් වෙවී ඉන්නේ නෑ. අනිවාර්යයෙන්ම එදාට ඉවත් වෙනවා.
හේෂාණි රත්නායක
ඡායාරූපය - අමිත තෙන්නකෝන්
උපුටගැනීම - Mawbima news