හිරු එෆ්.එම්. ඇන්ඩ්‍රොයිඞ් තාක්ෂණයෙන්, Hiru FM As an Android Mobile App

ශ‍්‍රී ලාංකේය එෆ්.එම්. ගුවන් විදුලි ඉතිහාසයේ ප‍්‍රථම වරට මුළු ලෝකය පුරාම ජනප‍්‍රිය සුපිරි ඇන්ඩ්‍රොයිඞ් තාක්ෂණයෙන් හිරු එෆ්.එම්. දැන් සවන් දිය හැකි බව එම ගුවන් විදුලියේ අධ්‍යක්ෂවරයකු වන සුදේව හෙට්ටිආරච්චි මහතා 'මිරර්' වෙත පැවසිය.


ඕනෑම වර්ගයක ඇන්ඩ්‍රොයිඞ් ස්මාර්ට් දුරකථනයක් හෝ ඇන්ඩ්‍රොයිඞ් ටැබ් එකක් ඔබ සතු නම්, ඔබ කළ යුත්තේ එමගින් ගූගල්, යෙදවුම් ගබඩාවට පිවිස හිරු එෆ්.එම්. ප‍්‍රවේශය ඩවුන්ලෝඞ් කර ගැනීම පමණය.

අනතුරුව ඕනෑම අවස්ථාවක එමගින් ඉතා පැහැදිලිව හිරුට සවන් දීමට ඔබට හැකියාව ලැබේ.

ඉතා ඉක්මනින් ගීත ඉල්ලීම් සිදුකිරීමටත්, තමන් කැමති හිරු වැඩසටහන් ලබා ගැනීමටත්, අලූත්ම ගීත ඩවුන්ලෝඞ් කර ගැනීමටත් එමගින් අවස්ථාව හිමි වීම විශේෂත්වයකි.

තවත් විවිධ විශේෂාංග රැසක් හිරු එෆ්.එම්. සුපිරි ඇන්ඩ්‍රොයිඞ් තාක්ෂණයෙන් ඔබට සමීප කිරීමටත්, ඉදිරියේ දී නව අත්දැකීම් රැසක් හඳුන්වා දීමටත් බලාපොරොත්තු වන බව සුදේව හෙට්ටිආරච්චි මහතා වැඩිදුරටත් පැවසිය.

Gossip Lanka Hot News Previous News Archive