රනිල් රේසින් කාර් පැදීමේ සිහිනයක , I also feel like to buy a racing car- Leader of the Opposition

රේසිං කාර් ගෙන්වීමට බදු නැති මෙවර අය වැය වූ කලී සෙල්ලම් අය වැයක් යැයි එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.

මෙවර අය වැයෙන් රජයේ සේවකයින්ගේ වැටුප් වැඩි කර ඇත්තේ දිනකට රුපියල් 25ක අගයකින් යැයි ඔහු වැඩිදුරටත් සඳහන් කරයි.
විපක්ෂ නායක රනිල් වික‍්‍රමසිංහ මහතා පැවසුවේ 2013 අයවැය යෝජනාවලින් තමන්ටද සුපිරි මෝටර් රථයක් මිළදී ගැනීමේ අදහසක් පහළ වූ බවයි.

රජයේ සේවකයින්ට මාසිකව රුපියල් 750ක දීමනාවක් ලබාදීමට අය වැයෙන් යෝජනා කර ඇති බව පෙන්වාදෙන විපක්ෂනායකවරයා එය දිනකට රුපියල් 25 බැගින් පඩියට එකතුවීමක් යැයි සඳහන් කරයි.

කොළඹදී අද (11) පෙරවරුවේ පැවැති මාධ්‍ය හමුවකදී රනිල් වික්‍රමසිංහ මහතා මේ බව පැවසුවේය.

මෙම අය වැය තුළින් දුප්පත් ජනතාවට කිසිදු සහනයක් හිමි වී නොමැති බව ඔහු පෙන්වාදෙයි.

අත්‍යවශ්‍ය භාණ්ඩ මිල වැඩිකරන ආණ්ඩුව, අය වැය තුළින් රාජ්‍ය සේවකයාට ලබාදී ඇත්තේ ඉතා සුළු වැටුප් වැඩිවීමක් බව රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.

එසේම මෙවර අය වැයෙන් සහන ලබාදී ඇත්තේ 1% ක් පමණ වන මෙරට ඉහළ පන්තියේ පිරිසකට බවද ඔහු සඳහන් කරයි.

එසේම ඉහළ පෙළේ ව්‍යාපාරිකයින්ට විදේශීය ණය ලබා ගැනීමට හැකි පරිදි සකසා ඇති මෙවර අය වැයෙන් කුඩා පරිමාණ ව්‍යාපාරිකයින්ට සහන සලසා නැතැයිද විපක්ෂනායකවරයා පෙන්වාදෙයි.

Gossip Lanka Hot News Previous News Archive