කම්කරුවාගේ ගබ්සා මධ්‍යස්‌ථානය !!! illegal abortion clinic in Anuradhapura

 අනුරපුර රෝහල අසල ගබ්සා මධ්‍යස්‌ථානයක්‌
පවත්වාගෙන ගිය කම්කරුවා අත්අඩංගුවට

වෛද්‍යවරයකු ලෙස පෙනී සිටිමින් අනුරාධපුර ශික්‍ෂණ රෝහල අසලදී පාපැදි රෝදවලට සවිකරන ස්‌පෝක්‌ කම්බියක ආධාරයෙන් නීති විරෝධී ගබ්සාවක්‌ සිදුකළ එම රෝහලේ සනීපාරක්‍ෂක කම්කරුවකු අනුරාධපුර පොලිසියේ කොට්‌ඨාස දූෂණ මර්දන අංශය මගින් පෙරේදා (26 දා) අත්අඩංගුවට ගෙන ඇත.

නීති විරෝධී ගබ්සාවකට ලක්‌ වූ අනුරාධපුර පාලාඩ්කුලම ප්‍රදේශයේ කාන්තාවක විසින් කළ පැමිණිල්ලකට අනුව එම මධ්‍යස්‌ථානය වටලා සැකකරු අත්අඩංගුවට ගෙන තිබේ.

 මෙම වැටලීමේදී ගබ්සා කිරීමට භාවිත කළ උපකරණ ද පොලිස්‌ භාරයට ගෙන තිබේ.

අනුරාධපුර සාලිය මාවත ප්‍රදේශයේ පදිංචි මෙම සැකකරු පැමිණිලිකාරියගෙන් ගබ්සාවක්‌ සිදුකිරීමට රුපියල් 12,000 ක්‌ ලබාගෙන තිබේ. එම ගබ්සාව අසාර්ථක වූ හෙයින් ඇය ඒ පිළිබඳව සැකකරුට පවසා ඇත. නැවත ගබ්සාවක්‌ සිදුකිරීමට නම් රුපියල් 5000 ක්‌ තමාට ලබාදෙන ලෙස සැකකරු කාන්තාවගෙන් ඉල්ලීමක්‌ කොට ඇත.

මේ පිළිබඳව ඇය අනුරාධපුර පොලිසියට පැමිණිලි කිරීමෙන් පසු අදාළ ගබ්සා මධ්‍යස්‌ථානය වටලා සැකකරු සහ බඩු භාණ්‌ඩ රැසක්‌ අත්අඩංගුවට ගත් බව පොලිසිය පවසයි.

සැකකරු ඊයේ (27 දා) අනුරාධපුර මහෙස්‌ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබිණි.

Gossip Lanka Hot News Previous News Archive