JVP internal crisis, ජවිපෙ යළි බෙදේ

නායකකම ටිල්වින්ට, ලේකම්කමට අනුර-ලාල් කඩු මදිති
ජනතා විමුක්ති පෙරමුණ තුල මේ වන විට තවත් බරපතල තත්වයේ බෙදීමක් හටගෙන ඇතැයි එම පක්‍ෂ අභ්‍යන්තර ආරංචි මාර්ග අනාවරණය කරයි.

පසුගියදා පැවති එම පක්‍ෂ දේශපාලන මණ්ඩල සභිකයන්ගේ විශේෂ හමුවකදී සාකච්චා වී ඇත්තේ ජවිපෙ වත්මන් නායක සෝමවංශ අමරසිංහ වයෝවෘද්ධව, අබල දුබලව, සිහිමද ගතියෙන් සිටින බැවින් ඒ සඳහා වෙනත් නායකත්වයක් තෝරා පත් කර ගත යුතු බවයි.



එහිදී යෝජනා වී ඇත්තේ නව නායකයා ලෙස දැනට එහි ප‍්‍රධාන ලේකම් ධුරය දරන ටිල්වින් සිල්වා මහතා ඒ සඳහා වඩාත්ම සුදුසු පුද්ගලයා බවයි. ඒ සඳහා ඉදිරියේදී යෝජනා සම්මත කිරීමක්ද සිදු කිරීමට තීරණය වී ඇත.

මේ අතර නව තත්වයත් සමඟ පුරප්පාඩු වන ජවිපෙ ලේකම් ධුරය සඳහා කලක් තිස්සේ ඇස ගසා සිටින මන්ත‍්‍රී අනුර දිසානායක මහතා තමන්ට හිතවත් මධ්‍යම කාරක සභිකයන් පාවිච්චි කරමින් හිටපු පාර්ලිමේන්තු මන්ත‍්‍රී ලාල් කාන්ත මහතාට එරෙහි අවලාද මෙහෙයුමක් දියත් කර තිබේ. ඒ යම් හෙයකින් දැනට ජවිපෙ සතු වෘත්තීය අංශය බාරව කටයුතු කරන ලාල් කාන්ත මහතා ඒ තනතුරට පත්වීමේ ඉඩක් ඇතොත් එය වලකන අටියෙන්ය.

Gossip Lanka Hot News Previous News Archive