Karu jayasuriya speaks about dictatorship,ඒකාධිපති රටවල බන්ධනාගාර පාලනය වෙන්නේ ආරක්ෂක අමාත්‍යංශය යටතේ

එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රි කරූ ජයසුරිය මහතා අද පෙරවරුවේ ප්‍රවෘත්ති සාකච්ඡාවක් කැදවා තිබුණි.

ඒ බන්ධනාගාර කොමසාරිස් ජනරාල්වරයාගේ ප්‍රකාශයක් උපුටා දක්වමින් ඉංග්‍රිසි පුවත්පතක පළ වු ප්‍රවෘත්ති වාර්තාවක් සම්බන්ධයෙන් අදහස් පළ කිරීම සදහා ය.


'' ඒ වාර්තාවේ සඳහන් වුණේ වර්තමාන බන්ධනාගාර කොමසාරිස් ජනරාල්වරයා විසින් බන්ධනාගාරයේ පාලනය ආරක්ෂක අමාත්‍යංශයට භාරවිය යුතුයි කියලා අදහස් ප්‍රකාශ කරලා තිබුණා.මෙවැනි ප්‍රකාශයක් ජ්‍යේෂ්ඨ රජයේ කිලධාරියෙක් වශයෙන් ඇයි ප්‍රකාශ කළේ ? එහෙම නැත්නම් මේක ඔහුගේ අදහසද ? එහෙම නැත්නම් මේ අදහස වෙනත්  කෙනෙකු වෙනුවෙන් ප්‍රකාශ කලාද කියන ප්‍රශ්නෙ අපිට ගැටළුවක් වුණා.ඒ වාගේම ඒ තුළින් අපි දකින්නේ විශාල භයානක ප්‍රතිඵල .මොකද ප්‍රජාතන්ත්‍රවාදය තියෙන රටවල බන්ධනාගාරය පාලනය වෙන්නේ සිවිල් පරිපාලනය තුළ.නමුත් ආරක්ෂක අමාත්‍යංශය යටතේ බන්ධනාගාර පාලනය වෙන්නේ ඒකාධිපති රටවල.ඒ නිසා පොලීසියේ බිඳවැටීමටත් ,බන්ධනාගාරවල බිඳ වැටීමටත් අපි දකින්නේ මේ දේශපාලනීකරණය .හිරකරුවන් මනුෂ්‍යයෝය කියන තේමාව අපි පිළිගත යුතුයි ''

Gossip Lanka Hot News Previous News Archive