Kuwait's Guinness Record Fireworks Show,ලොව විශාලතම මල්වෙඩි සංදර්ශනය


ලොව විශාලතම මල්වෙඩි සංදර්ශනයත් සමග කුවේටය පසුගියදා ගිනස් වාර්තා පොතට එක්විය.
මෙම මල්වෙඩි සංදර්ශනය පවත්වා තිබුනේ කුවේට් රාජ්‍යයේ ව්‍යවස්ථාවට පනස් වසරක් පිරීම නිමිත්තෙනි.

මෙම අවස්ථාව සැමරීමට පසුගිය 10දා සවස කුවේට් සිටි අගනුවර වෙරළ තීරයට දහස්ගණනක් ජනතාව රැුස්ව සිටි බව විදෙස් වාර්තා වල දැක්වේ.


පැයකට අධික කාලයක් පුරා පැවති මෙම සංදර්ශනය සඳහා ඇමෙරිකානු ඩොලර් මිලියන 10ක් වටිනා මල්වෙඩි 77,282ක් භාවිතා කර තිබුණු බව පැවසේ.

මෙය, ලොව විශාලතම මල්වෙඩි සංදර්ශනය බව ගිනස් වාර්තා ආයතනයේ නියෝජිතයෙකු විසින් පසුව නිල වශයෙන් දැනුම් දී තිබුණි.
මල්වෙඩි වලට අමතරව එම සන්ධ්‍යාව ලේසර් සංදර්ශන, සරුංගල් ඇතුළු විනෝදාංග රැුසකින් පිරී තිබුණු බව ද පැවසේ.

උත්සවයට පෙර ජනතාව ඇමතූ එරට එමීර්වරයා වන ශේක් සබා අල්-අහ්මද් අල්-සභා පවසා තිබුනේ ඉදිරියටත් ප‍්‍රජාතාන්ත‍්‍රවාදය සුරැුකීමට කටයුතු කරන බවය.

වර්තමානයේ එරට පවතින දේශපාලන අර්බුදය හමුවේ ජාතික සමගිය ආරක්ෂා කරන මෙන්ද ඔහු ජනතාවගෙන් ඉල්ලා තිබුණි.

කුවේට් රාජ්‍යයේ පසුගිය 10 පැවති වර්ණවත් සන්ධ්‍යාවේ අවස්ථා කිහිපයක් පහත දැක්වේ.

















Gossip Lanka Hot News Previous News Archive