Leader Publications to pay Rs. 250 million as damages to Defence Secretary Gotabhaya Rajapaksa


අසත්‍ය හා ද්වේශසහගත පුවත්පත් ලිපි පළ කිරීමෙන් ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතාට සිදු වු අපහාසයට වන්දි ලෙස රුපියල් මිලියන 250ක මුදලක් ගෙවන්නැයි ලීඩර් පබ්ලිකේෂන්ස් ආයතනයට ගල්කිස්ස දිසා අධිකරණය ඊයේ (22) නියෝග කළේය. අසත්‍ය තොරතුරු පදනම් කර ගනිමින් ද්වේශසහගත ලිපි දිගින් දිගටම පළ කරමින් තම කීර්තියට අවමානයක් අපහාසයක් සිදු කිරීමට එරෙහිව ගෝඨාභය රාජපක්ෂ මහතා ලීඩර් පබ්ලිකේෂන්ස් ආයතනයට හා ද සන්ඩේ ලීඩර් ප්‍රධාන කර්තෘවරියට එරෙහිව පැවරූ නඩුවේ තීන්දුව ප්‍රකාශ කරමින් ගල්කිස්ස ප්‍රධාන දිසා විනිසුරු ප්‍රියන්ත ප්‍රනාන්දු මහතා මේ නියෝග කළේය.


අසත්‍ය තොරතුරු පදනම් කර ගනිමින් ද්වේශ සහගත ලිපි දෙකක් දිගටම පළ කරමින් තම කීර්තියට අවමානයක්, අපහාසයක් සිදුකිරීමට එරෙහිව ගෝඨාභය රාජපක්ෂ මහතා ලීඩර් පබ්ලිකේෂන්ස් ආයතනයට හා ද සන්ඩේ ලීඩර් ප්‍රධාන කර්තෘවරියට එරෙහිව පැවරූ නඩුවේ තීන්දුව ප්‍රකාශ කරමින් ගල්කිස්ස ප්‍රධාන දිසා විනිසුරු ප්‍රියන්ත ප්‍රනාන්දු මහතා මේ නියෝගය නිකුත් කළේය.

පැමිණිලිකාර ගෝඨාභය රාජපක්ෂ මහතාගේ චරිතයට හා කීර්තියට හානි වන පරිදි ලිපි පළකිරීමට විත්තිකරුවන් දිගින් දිගටම කටයුතුªකර ඇති බව පැවසූ දිසා විනිසුරුවරයා තවදුරටත් එවැනි අපහාසාත්මක ලිපි පළකිරීම තහනම් කරමින් විත්තිකරුවන්ට ස්ථිර තහනම් නියෝගයක් ද ඊයේ (22) නිකුත් කළේය. ලීඩර් පබ්ලිකේෂන්ස් ආයතනයට, ලාල් වික්‍රමතුංග හා පෙඩ්රිකා ජැන්ස් මහත්මියට මේ නියෝගය නිකුත් කළේය.

ගෝඨාභය රාජපක්ෂ මහතාට අපහාසයක් සිදුවන අසත්‍ය ලිපි පළ කිරීම වළක්වමින් අධිකරණය මඟින් තහනම් නියෝගයක් නිකුත් කර තිබියදී, විත්තිකරුවන් විසින් එම නියෝග නොතකා රටේ පවතින මාධ්‍ය නිදහස භාවිතා කරමින් මේ ලිපි පළ කර ඇති බව පැමිණිල්ල වෙනුවෙන් ජනාධිපති නීතිඥ අලි සබ්රි මහතා අධිකරණයට කරුණු ඉදිරිපත් කර තිබිණි. හැඳුනුම්පත් ටෙන්ඩරයක් නිකුත් කිරීමේ ක්‍රියාවලියට ගෝඨාභය රාජපක්ෂ මහතා දායක වී රජයට පාඩු සිදු කර ඇතැයි යන අසත්‍ය කරුණු පදනම් කර ගනිමින් පළ කළ මේ ලිපි ද්වේෂසහගත හා අසත්‍ය බව පැමිණිල්ල මඟින් සාක්ෂි ඉදිරිපත් කළේය.

පැමිණිල්ල වෙනුවෙන් ගෝඨාභය රාජපක්ෂ මහතා සාක්ෂි ඉදිරිපත් කළ අතර, 2008 පළ කරන ලද මේ ලිපි අසත්‍ය බවට නිලධාරීන් සිව්දෙනකු අධිකරණයේ සාක්ෂි ඉදිරිපත් කළේය.

පැමිණිල්ල වෙනුවෙන් නීතිඥ සනත් විජේවර්ධන මහතාගේ උපදෙස් පරිදි නීතිඥ රසික දිසානායක, සමිත් ප්‍රනාන්දු, කසුන් ප්‍රේමරත්න මහතා සමඟ ජනාධිපති නීතිඥ අලි සබ්රි මහතා පෙනී සිටියේය. විත්තිකාර ලීඩර් පබ්ලිකේෂන්ස් ආයතනය වෙනුවෙන් හා කර්තෘවරිය වෙනුවෙන් ජනාධිපති නීතිඥ ශ්‍රීනාත් පෙරේරා මහතා පෙනී සිටියේය.

Gossip Lanka Hot News Previous News Archive