රජය තවත් හෙජින් නඩුවක් පරදී, Lost a $60 million hedging case against Deutsche Bank

හෙජින් ගිවිසුම උල්ලංඝණය කිරීම හේතුවෙන් ශ්‍රී ලංකා ඛණිජ තෙල් නීතිගත සංස්ථාවට එරෙහිව පවරා තිබූ නඩුවෙන් ශ්‍රී ලංකාවා පරාජයට පත්වීමත් සමඟ ඇමරිකානු ඩොලර් මිලියන 60 ක් හෙවත් (වත්මන් ශ්‍රී ලංකා රුපියලට අනූව රුපියල් කෝටි 750 කට අධික මුදලක්) සහ ඊට අදාළ පොලිය වහාම ඩොයිස් බැංකුවට ගෙවන ලෙස ඇමරිකානු බේරුම් අධිකරණයක් විසින් නියෝග තිබෙන බව රොයිටර් වාර්තා කරයි.

මේ අනුව ඇමරිකානු ඩොලර් මිලියන 60.3ක මුදල හා පොලිය අදාල බැංකුවට ගෙවිය යතු බවත් එම නඩු තින්දුව උපුටා දක්වමින් රොයිටර් පුවත් සේවය පවසයි.
වත්මන් රජය මෙම හෙජින් ගිවිසුම නිසා වැටී ඇති වළේ තව තවත් ගිලෙමින් නීතිපති පාලිත ප‍්‍රනාන්දු රොයිටර් පුවත් සේවයට පවසා ඇත්තේ, තීන්දුව බලරහිත කිරීමට අවශ්‍ය පියවර සම්බන්ධයෙන් සලකා බලන බවයි. මෙම ජාත්‍යන්තර අධිකරණ වල නඩු කීමටද මේ වන විට කෝටි ගණනක මුදලක් වියදම් කර තිබේ. ඒත් ඒ හැම නඩුවක්ම පරාද වී ඇත. මීට පෙර සිටි බැංකුවටද වන්දි ගෙවන ලෙස නියෝග කෙළේය.
දේශපාලන විචාරකයින් ප්‍රශ්න කර සිටින්නේ, පරිපාලනයේ අතිශය දුර්වල සහ දූෂිත වත්මන් රාජපක්ෂ රජය අත්නෝමතික ලෙස ක්‍රියාකරමින් එලඹගන්නා මෙවැනි ගනුදෙනු සඳහා අවසානයේ වන්දිගෙවීමට සිදුවන්නේ මෙරට අහිසංක දුප්පත් ජනතාවගේ මුදල්වලින් වන අතර සුදුසුකම් නැති පවුල්වල හිතවතුන් නිසා මේ රටට සිදුවන මේ මහා විනාශය නතරවන්නේ කවදාද? යන්නයි.

Gossip Lanka Hot News Previous News Archive