කොළඹ අලුත්කඬේ අධිකරණ සංකීර්ණයේ පිහිටි ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරිපට දැවැන්ත උද්ඝෝෂණයක් පැවැති අතර ගෝල්ඩන් කී ගණුදෙනුකරුවෝ මේ උද්ඝෝෂනයට එක්ව සිටියහ. අගවිනිසුරුවරියට එරෙහිව දෝෂාභියෝගය ට විසදුමක් ලබා දී දෝෂාභියෝගය නිම වන තුරු ගොල්ඩන් කී නඩුව කල්තබන ලෙස ඉල්ලමින් තැන්පත්කරුවන් 1000 ක් පමණ ශ්‍රේෂ්ඨාධිකරණය අභියස මේ විරෝධතාවය අද (28) පවත්වනු ලැබීය.
කොළඹ, නුවර, දඹුල්ල ,කුරුණෑගල, මීගමුව, මාතර, හලාවත ආදී ප්‍රදේශවලින් පැමිණි තැන්පත්කරුවෝ විරෝධතා පෙළපාලියෙන් පසු ශ්‍රේෂ්ඨාධිකරණයේ ප්‍රධාන දොරටුව අභියස පොල් ගසන ලදී.
‘ අගවිනිසුරු ලලිත් කොතලාවල සම්බන්ධය භංග වේවා!
තැන්පත් මුදල් ලබාදියවු,
ආදී විරෝධතා පුවරු රැගෙන පිරිස විරෝධතා කළහ.