මම දැන් අටමහ කුසල්වලට අයිති කෙනෙක් – Mervin Silva


‘අට මහ කුසල්වලින් එකක් තමයි පාරවල්, ඇල දොල, බෝක්කු, වැව් පොකුණු, චෛත්‍ය ලබුදු මැදුරු සංවර්ධනය කිරීම, මේ සියල්ලම අයත් වන්නේ අටමහ පිංකම් හැටියට. මම දැන් අටමහ කුසල් වලට අයිති කෙනෙක්. උතුරයි දකුණයි මහින්ද රාජපක්‍ෂ ජනාධිපතිතුමාට යා කරන්න පුළුවන් වුණා’ යයි අමාත්‍ය මර්වින් සිල්වා මහතා පවසයි.

බියගම උතුර දකුණ යා කෙරෙන ප‍්‍රධාන මාර්ගය විවෘත කිරීමේ අවස්ථාවට එක්වෙමින් අමාත්‍යවරයා මේ බව කීය.



“වසර 1815 දී ඉංගි‍්‍රසීන් සමඟ උඩරට ගිවිසුමට අත්සන් තැබුවා, 1918 දී කැප්පෙටිපොල වීරවරයා ඉංග‍්‍රීසී ආණ්ඩුවට විරුද්ධව ගැටුමක් ඇති කරගත්තා. හේතුව බදු වැඩි කරලා ආඥා දායකත්වය ඉංගි‍්‍රසීන් පතුරුවන්න පටන් ගත්තම සිංහලයේ කැරලි ගැසුවා. ලංකාව යටත් විජිතයක් වූ ඉංග‍්‍රීසීන්ට විරුද්ධව ඇති වූ සටනේදී අපේ උදවිය මැරුම් කෑවා. දළදාමාලිගාව ඉදිරිපිට කැප්පෙටිපොල මැරුම් කෑවා.

එදා මුළු ඌව ප‍්‍රදේශයම වැනසුවා, ඉංගී‍්‍රසි සුද්දා ගහ කොළ පවා කපා දැම්මා, සියළු සම්පත් විනාශ කරලා මහා සංහාරයක් කළා, මේකයි අපේ ඉතිහාසය, ගිවිසුමේ තිබූ පොරොන්දු සියල්ල මොවුන් කඩකළා. අපිට අන්තිමට මොකද වුණේ, අපි සාකච්ඡා මාර්ගයෙන් නිදහස ලබා ගත්තා. ඒත් ඒ ලබා ගත්ත නිදහස සම්පූර්ණ නිදහසක් නෙමෙයි, දොන් ස්ටීවන් මැතිතුමා, දිවංගත බණ්ඩාරනායක, පොන්නම්බලම් රාමනාදන් ඇතුළු සියළු ප‍්‍රභූ පිරිස් ගෙනල්ලා සාකච්ඡා කරලයි මේ නිදහස ලබා ගත්තේ.

අද මම ප‍්‍රසිද්ධියේ නම් කරනවා පෙබරවාරි 04 වෙනිදා වෙනස් කල යුතුයි, ලංකාව නිදහස් දිනයක් බවට පත් වුනේ මේ ජාතික කොඩිය යාපනයේ කිලිනොච්චියේ, මන්නාරමේ, උතුරු නැගෙනහිර ලෙළ දුන්නේ මහින්ද රාජපක්‍ෂ මැතිතුමා සහ රණවිරුවන්ගේ නාමයෙන්, එසේනම් නිදහස් දිනය විය යුත්තේ මැයි 18 වෙනිදා කියන එක මම ප‍්‍රසිද්ධියේ ප‍්‍රකාශ කරනවා මිසක් නොව පාර්ලිමේන්තුවෙත් යෝජනාවක් හැටියට ගෙන එනවා” යැයි මර්වින් සිල්වා මහතා වැඩිදුරටත් පැවසීය.

Gossip Lanka Hot News Previous News Archive