රුසියාවේ නාසි ප‍්‍රචාරණය තහනම් කෙරේ,Nazi propaganda to be banned in Russia

රුසියානු උත්තර මන්ත‍්‍රී වරු නාසි අපරාධ ඉස්මතු කිරීම නාසා හෝ එවැනි ආකාරයේ සංකේත භාවිතය තහනම් කරන පනතක් කෙටුම්පත් කරමින් සිටිති. නීතිය උල්ලංඝනය කරන්නන්ට රූබල් 300000 (ඩොලර් 9500) ක දඩයක්, වසර දෙක දක්වා සිර දඬුවම් හෝ අනිවාර්ය කම්කරු වෘත්තියේ යෙදවීම ආදී දඬුවම් නියම කෙරේ.  ISVESTIA  දිනපතා පුවත්පත අනුව මෙය වසර අවසානයේ ඩූමා වෙත ඉදිරිපත් කරනු ඇත.

රුසියාවේ මේ දක්වා විශේෂ නාසි විරෝධී පනතක් නොතිබුනි. මෙය පසුගිය වසර 20 තුලම නොසලකා හැරි බව නීතිය කෙටුම්පත් කරන මණ්ඩලයේ සාමාජික කොන්ස්ටැන්ටින් ඩොබි‍්‍රන් කියා ඇත. දැන් ඇතැම්හු එය ජාත්‍යාලය ලෙසද සලකති. මෙම පනත මගින් නාසි වාදය වැලැක්වීමට බලාපොරොත්තු වේ. නීතිය උල්ලංඝනය කිරීම් රාජ්‍ය හා මහජන කොමිසම් 2ක් මගින් සොයා බැලෙනු ඇත.
මේ අතර දේශාභිමානීන් මෙම අදහසට විරුද්ධ වන්නේ රජයේ ජාතික වාර්ගික හා ආගමික එදිරිවාදිකම් පිලිබඳ පනත් තමන් අකමැති රුසියානු දේශමාමකයන්ට එරෙහිව යොදා ගන්නා නිසා ඒවා ඉවත් කර ගත යුතු බවයි. RUSSIYE ව්‍යාපාරයේ ප‍්‍රධානී දිමිත‍්‍රි ඩොමුෂ්කින් පුවත් පතට කියා ඇත්තේ මෙම නීතිය සමාජය පීඩාවට පත් කිරීමේ යාන්ත‍්‍රණයක් බවයි.
ජාතිකත්වය පිලිබඳ රාජ්‍ය පාර්ලිමේන්තු කමිටුවේ සාමාජික මිහායිල් මාර්කෙලෝව් පවසන්නේ මෙය තව දුරටත් ඉදිරියට ගෙන ගොස් නාසි වාදය පිලිබඳ වූ පොත් පත් වල නිදහස් බෙදා හැරීමද තහනම් කල යුතු බවය.

මූලාශ‍්‍ර – 01

Gossip Lanka Hot News Previous News Archive