බෝට්ටුවලින් එන ශ්‍රී ලාංකිකයන්ට වීසා දෙන්නේ නෑ-No Australian visa for illegal Sri Lankan immigrants


බෝට්ටුවල නැග නීති විරෝධී අයුරින් රටට ළඟාවන ශ්‍රී ලාංකිකයන්ට රටට ඇතුළුවීම සඳහා වීසා බලපත්‍ර ලබා නොදෙන බව ඕස්ට්‍රේලියානු බලධාරීහු පවසති.
අගෝස්තු මාසයේ සිට ඕස්ට්‍රේලියාවට ලඟාවූ ශ්‍රී ලාංකිකයන් 250 කට වැඩි පිරිසක් මේ වන විට යලි ශ්‍රී ලංකාවට පිටත් කොට එවා තිබේ



දකුණු ආසියානු ආගමන කටයුතු භාර කලාපීය අධ්‍යක්ෂ හොසේ අල්වාරෙස් පවසන්නේ කෙසේ හෝ ඕස්ට්‍රේලියාවට ලඟා වුව හොත් සියලු සැප සම්පත් ලැබෙන බවට මිනිස් ජාවාරම් කරුවන් අසත්‍ය ප්‍රචාර ගෙනයමින් සිටින බවයි
මේ තත්ත්වය යටතේ පසුගිය අගෝස්තු මාසයේ සිට එසේ ඕස්ට්‍රේලියාවට ලඟාවූ ශ්‍රී ලාංකිකයන් 250 කට වැඩි පිරිසක් කැමැත්තෙන් හෝ අකමැත්තෙන් මේ වන විට යලි ශ්‍රී ලංකාවට පිටත් කොට එවා තිබෙන බවද ඔහු පැවසීය.

කොළඹ පිහිටි ඕස්ට්‍රේලියානු මහ කොමසාරිස් කාර්යාලයේ පැවති මාධ්‍ය හමුවකදීයි ඔහු එම අදහස් පළ කළේ.

2012 අගෝස්තු මාසයෙන් අනතුරුව බෝට්ටු මඟින් ඕස්ට්‍රේලියාවට පැමිණෙන සංක්‍රමණිකයන් රඳවා තබන්නේ නාවුරු දූපත්වල හෝ පැපුවා නිව් ගිනියාවේ දූපතක බව ද හොසේ අල්වාරෙස් අවධාරණය කළේය.

මෙසේ බෝට්ටුවලින් ඕස්ට්‍රේලියාවට පැමිණීමට උත්සාහ කළ බොහෝ දෙනෙකු බෝට්ටු මුහුදුබත් වී මුහුදේදීම මරුමුවට පත්වූ බව පෙන්වාදෙන දකුණු ආසියානු ආගමන කටයුතු භාර කලාපීය අධ්‍යක්ෂවරයා එබැවින් එය ඉතා භයානක චාරිකාවක් බවද අවධාරණය කරයි.

Gossip Lanka Hot News Previous News Archive