සංචාරක නවසීලන්ත කණ්ඩායම සහ ශ්රී ලංකා කණ්ඩායම අතර කොළඹ සරා ක්රීඩාංගණයේදී පැවති දෙවන සහ අවසන් ටෙස්ට් තරඟයෙන් ශ්රී ලංකා කණ්ඩායම පරදා ලකුණු 167 ක ජයක් ලබාගන්නට නවසීලන්තය සමත් විය.
තරඟයේ මුලින් පන්දුවට පහර දුන් නවසීලන්ත කණ්ඩායම සිය ප්රථම ඉනිම සඳහා ලකුණු 412 ක් රැස් කළ අතර ශ්රී ලංකා කණ්ඩායම සිය පළමු ඉනිම සඳහා ලකුණු 244 ක් රැස් කලේය.
නවසීලන්තය දෙවන ඉනිමෙිදී කඩුළු 9 ක් දැවී ලකුණු 194 ක් ලබා සිටියදී සිය දෙවැනි ඉනිම අත්හිටවා ශ්රී ලංකා පිල ලකුණු 363ක ඉලක්කයක් ලබා දුන්නේය.
ඒ අනුව සිය දෙවැනි ඉනිම ක්රීඩා කල ශ්රී ලංකාව සියල්ලන් දැවී ලබා ගත්තේ ලකුණු 195 පමණි.
මුල් තරගය ශ්රී ලංකාව ජයගත් අතර තරගාවලිය ජය පරාජයෙන් තොරව අවසන් විය.