අගවිනිසුරු ආචාර්ය ශිරාණි බණ්ඩාරනායක මහත්මියට එරෙහිව ඉදිරිපත් වූ දෝෂාභියෝගයට එරෙහිව පෙත්සමකට අත්සන් ගැනීමේ වැඩසටහනක් තරුණ නීතිඥයින්ගේ සංගමය විසින් අද (07)ආරම්භ කරන ලදී. මෙම පෙත්සම ජාත්‍යන්තර නීතිඥවරුන්ගේ සංගමයට, පොදු රාජ්‍ය මණ්ඩලීය නීතිඥවරුන්ගේ සංගමයට හා එක්සත් ජාතීන්ගේ සංගමයේ මානව හිමිකම් කවුන්සිලයට යැවීමට නියමිතය. දීප ව්‍යාප්ත අන්දමින් නීතිඥවරුන්ගෙන් මෙම පෙත්සමට අත්සන් ගැනීමට තරුණ නීතිඥවරුන්ගේ සංගමය තීරණය කර තිබෙන අතර අසාධාරණයට එරෙහි ජනතාවට ද මෙම පෙත්සමට අත්සන් තැබීමට අවස්ථාව සලසා දෙන බව එම සංගමය පවසයි.
ඒ අලුත්කඩේ උසාවී සංකිර්ණය ඉදිරිපිටදීය. එකී පෙත්සමට අත්සන් ගැනීම ආරම්භ කිරීමෙන් පසු නීතිඥවරුන් මෙන්ම විශ්ව විද්‍යාල ආචාර්යවරුන් ද ඊට අත්සන් තබනු අයුරු දක්නට ලැබිණ. මේ නීතිඥවරයෙකු විසින් එම පෙත්සමට අත්සන් තබන ආකාරයයි.