ෂරියා නීතිය ම්ලේච්ජයි - Ranjan Ramanayaka ‘ආගම්වලට ගරහන්න එපා’ – මන්ත‍්‍රීනී පබා

ෂරියා නීතිය ම්ලේච්ජයි… රන්ජන් පාර්ලිමේන්තුවේදී කියයි

මුස්ලිම් රටවල් තුල ක්‍රියාත්මක වන ෂරියා නීතිය ඉතාම ම්ලේච්ච බව එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක මහතා පවසයි. පාර්ලිමේන්තුවේ විදේශ රැකියා ප්‍රවර්ධන හා සුබසාධන අමාත්‍යාංශයේ වැය ශීර්ෂය පිළිබඳ විවාදයට එක්වෙමින් ඔහු මේ බව පැවසී ය.



ඔහු තවදුරටත් පැවසුවේ සෞදියේ පිහිටි ඔලෙයියා කඳවුර තුළ ශ‍්‍රී ලාංකික ගෘහ සේවිකාවන් විශාල පිරිසක් මේ වන විටත් රැඳි සිටින බවයි. කන්න නොදී , වැසිකිලි යන්න නොදී ලිංගික අඩත්තේට්ටම් කරමින් එරට හාම්පුතුන් විසින් අපේ රටෙන් යන ශ්‍රමිකයන්ට හිරිහැර කරන බවත් අරාබිය තුල ක්‍රියාත්මක වන ෂරියා නීතිය තුලින් මේ ම්ලේච්ච හිරිහැර සඳහා ආවරණයක් ලැබී ඇතැයි ඔහු පවසයි.

මෙහිදී නැගී සිටි ඒ එස් එම් අස්වර් මන්ත්‍රීවරයා එම ප්‍රකාශයට විරෝධය දැක්වුවත් රන්ජන් රාමනායක මන්ත්‍රීවරයා පැවසුවේ අන් අය මෙය කෙලින් කීමට බය වුවත් ෂරියා නීතිය ඉතා කෲර ම්ලේච්ච එකක් බව කීමට තමන් පසුබට නොවන බවය. මෙරටට බිලියන 6ක විදේශ විනිමය ලබා දෙන ශ්‍රමිකයන් දුක් විඳිද්දී විෂය භාර අමාත්‍යවරයා වොලිබෝල් ගසමින් සිටින බවත් මන්ත්‍රීවරයා චෝදනා කරයි.
 

 ‘ආගම්වලට ගරහන්න එපා’ –  මන්ත‍්‍රීනී පබා


‘ආගම් වලට පහර ගහන්න එපා’ යැයි සන්ධානයේ මන්ත‍්‍රීනී උපේක්‍ෂා ස්වර්ණමාලි මහක්මිය එක්සත් ජාතික පක්‍ෂ පාර්ලිමේන්තු මන්ත‍්‍රී රංජන් රාමනායක මහතාගෙන් ඉල්ලා සිටියාය. මුස්ලිම් ආගම සම්බන්ධයෙන් ඊයේ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ කරුණු සඳහා විරෝධය පාමින් ඇය එම ඉල්ලීම කලාය.
‘බෞද්ධ රටක් ලෙස සඳහන් කරනවා. තාත්තා දුවව දූෂණය කරනවා. හැම ආගමකම දුර්වලකම් තිබෙනවා.’ යැයි ස්වර්ණමාලි මහත්මිය සඳහන් කළාය.
ශරියා නීතිය සහ මුස්ලිම් නීතිය සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත‍්‍රී රංජන් රාමනායක මහතා සිය කතාවේදී කළ කතාවට ඇය මෙසේ විරෝධය පෑවාය.
විදේශ ගත ශ‍්‍රමිකයන්ට මුස්ලිම් රටවලදී විවිධ කෙනහිළිකම්වලට මුහුණ පෑමට සිදුව ඇති බවත් රාමනායක මහතාද පැවසීය.


Gossip Lanka Hot News Previous News Archive