එම පැමිණිල්ලේ සඳහන් වන ආකාරයට එකී ගණුදෙනුව හරහා ‘ගෝල්ඩ් ක්වෙස්ට්’ සමාගම තම ජාවාරම් කිරීමේ කටයුතු සම්පාදනය කර තිබූ අතර රුපියල් බිලියන 10 කට අධික මුදල් ‘ෆර්න් ටී’ (FERN TEA) සමාගම හරහා ‘ගෝල්ඩ් ක්වෙස්ට්’ සමාගම වෙත යවා ඇත.
මෙම මුදල් ලංකාවෙන් පිට කිරීමේදී පිළිගත් විනිමය පාලන නීති රීති රෙගුලාසි අනුගමනය කිරීමකින් තොරව එක එල්ලේම මැලේෂියාවට යවා ඇත.
![](https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEhdqMCPQUZ-Lmp1LLL_mu1tsHRboSeF1WrFBfgSbVrcgJju8jpBgcuMFKnwOWbTPuLeAEtMnvnmOmqYrYrT4pwIEE5y_DfiTJcvC_0UUfY56ojVKNJlRXELtpHHQeK-FM0iVHGckQriNkg/s1600/aj.jpg)
එකී විමර්ශනයේදී ‘ෆර්න් ටී’ සමාගම සහ එහි අධ්‍යක්ෂක අනුර ප්‍රනාන්දු යන අය මෙම විනිමය වංචාවට සම්බන්ධ බවට සාක්ෂි සහිතව එළිදරව් වී ඇත.
එකී අනුර ප්‍රනාන්දු යන අය ශ්‍රී ලංකා මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් මහතාගේ සමීපතම මිතුරෙකු වන අතර වර්ෂ 2006 හෝ ඊට ආසන්න කාලයකදී අජිත් නිවාඩ් කබ්රාල් මහතා ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපති ධූරයට පත් කරනු ලැබීය.
එසේ පත් කිරීමෙන් අනතුරුව මෙකී ‘ගෝල්ඩ් ක්වෙස්ට්’ සමාගම සහ ‘ෆර්න් ටී’ සමාගම විසින් සිදු කරන ලද නීති විරෝධී ක්‍රියාවන් පිළිබඳ විමර්ශනය මහ බැංකු අධිපතිවරයා විසින් වහාම අත් හිටුවා තිබේ.
ශ්‍රී ලංකා මහ බැංකුවේ නිලධාරීන් පවසන අන්දමට ඉන් අනතුරුව මෙකී විමර්ශනයට අදාල ලිපි ලේඛණ පවා අතුරුදන් වී ඇත.
එමෙන්ම ශ්‍රී ලංකාවෙන් පිටතට මුදල් රැගෙන යාමේදී අයකරනු ලබන ගාස්තු හා ගෙන යා හැකි උපරිම මුදල් පිළිබඳ විනිමය රෙගුලාසි සියල්ලම උල්ලංගනය වී ඇති බවත්, මෙම ක්‍රියාව අල්ලස් පනත යටතේ දූෂණ සම්බන්ධ කොටසට අදාල වන බවත් රවී කරුණානායක මහතා සදහන් කරයි.
මේ පිළිබඳව සිදුකරන විමර්ශනයකදී මෙම අතිශය වංචනික ක්‍රියාව පිළිබඳව සියලුම සාක්ෂි ඉදිරිපත් කළ හැකි බව ද එක්සත් ජාතික පක්ෂයේ කොළඹ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී රවි කරුණානායක මහතා සිය පැමිණිල්ල මගින් වැඩිදුරටත් දන්වා සිටී.