Nov42012

Regarding the impeachmentmotion , Ranil Says Go have tea with the President

රනිල් වික්‍රමසිංහ නම් වූ අපේ රටේ විපක්ෂ නායකවරයා දිගින් දිගටම හැසිරෙන්නේ විපක්ෂ නායකවරයෙකුගේ වෘත්තීය ගෞරවය හැල්ලු කරමින් බව කණගාටුවෙන් වුව මේ මොහොතේ පෙන්වා දිය යුතුය. අධිකරණයට  එල්ලවන බලපෑම් හමුවේ ගොළුවෙකු හා බිහිරෙක් ලෙස කටයුතු කිරීම එතුමා නීතිඥවරයෙකු ලෙසද කිසිසෙත්ම අනුමත කළ නොහැක.

පසුගියදා මාධ්‍යවේදීන් රනිල් වික්‍රමසිංහගෙන් මේ සම්බන්දයෙන් ප්‍රශ්ණ කලේය.
මාධ්‍යවේදීන්: අගවිනිසුරුවරිය සම්බන්දයෙන් ඔබතුමාගේ පක්ෂයේ ස්ථාවරය කුමක්ද?
රනිල් වික්‍රමසිංහ: දැන් අපි ස්ථාවරයක් කියල තියනවා . මම හිතන්නේ පත්තරේ දාන්න ඕන.. දැන් මම බැලුව. අපි පත්තරේ දැම්මා. කරුණාකරලා ඕන්න තියනවා අරගන්න.
මාධ්‍යවේදීන්: අපිට ලැබුනේ නෑ. අපිට දැන ගන්න ඕන ඔබතුමාගේ ස්ථාවරය?
රනිල් වික්‍රමසිංහ: දැන් එන්න සිරිකොතට මම දෙන්නම්. දැන් තියෙන්නේ අපේ මතය නෙවෙයි… මාධ්‍යට තියනවා කතු වැකි කියලා.තමන්ගේ මතය කියන්නකෝ…නැත්නම් වෙන්නේ,අපිට කියනවා බනින්න, ඔය ගොල්ලෝ ගිහින් තේ බොනවා ජනාධිපති එක්ක…
Journalists questioned opposition leader Ranil Wickremesinghe on Friday regarding the impeachment motion that has been brought against the Chief Justice.
This was his response.
‘We have already stated our stance. I think we must publish it in the newspapers… It is not about our opinion. The media has its own. Tell me your stance. Or you ask us to reprimand them. You go have a cup of tea with the President. This is a game. You ask us to reprimand them and then go have tea with the President.’
අධිකරණ පද්ධතියේ ස්වාධීනත්වය වෙනුවෙන් සියලුම ශ්‍රී ලාංකීකයින් එක්ව කටයුතු කල යුතු මොහොතක් නිදැල්ලේ යාමට ඉඩ නොදී ඊට එරෙහිව රට වෙනුවෙන් කට ඇරීම විපක්ෂයේ පක්ෂ නායකයින් සියල්ලගේම වගකීම බව සිහිපත් කරමු.

Gossip Lanka Hot News Previous News Archive