තෙල් නෑ ගෑස් නෑ.නිව්යෝක් වල උද්ඝෝෂණ, Sandy victims protest at Newyork

නිවුයෝර්ක් හි ලෝන්ග් අයිලන්ඞ් වාසීන් සැන්ඩි කුණාටුවෙන් සති 2 කට පසුවත් තවම පවතින බලශක්තිය නැතිවීම හා ඉන්ධන හිඟය ගැන උද්ඝෝෂනයක් පැවැත් වූහ.

සෙනසුරාදා වැසියන් සිය ගණනක් ලෝන්ග් අයිලන්ඞ් බලශක්ති අධිකාරිය (LIPA) ඉදිරිපිට දෙවන දිනටත් රුස් වුනේ අනෙකුත් බලපෑමට ලක්වූ ප‍්‍රදේශ හා සැසඳීමේ දී LIPA හි අඩු ක‍්‍රියාකාරීත්වයට විරෝධය දැක්වීමටයි. තම වගකීම් ඉටු නොකිරීම ගැන ආයතන ප‍්‍රධානියා සහ විධායක මණ්ඩලයට අපරාධ චෝදනා ගෙන ආ යුතුයයි උද්ඝෝෂකයෝ කියා සිටියහ.


මේ අතර ගමනාගමන අපහසුව හා ඉන්ධන පෝලිම් නිවුයෝර්ක් සහ නිවුජර්සි වල දක්නට ලැබුනි. බලශක්ති ආයතනය කියන්නේ අඟහරුවාදා අවසන් වන විටත් 130000ක් පමණ වූ නිවාස හා ව්‍යාපාර වලට විදුලිය නොලැබෙනු ඇති බවයි. LIPA හි ප‍්‍රමාදය ගැන නිවුයෝර්ක් ආණ්ඩුකාර ඇන්ඩෲ ක්වෝමෝ විසින් ද හේතු විමසා ඇත. ලෝන්ග් අයිලන්ඞ් හි කොංග‍්‍රස් මණ්ඩල සාමාජිකයන් දෙදෙනෙක් මධ්‍යම ආණ්ඩුවෙන් බලශක්තිය යලි පිහිටුවීමේ ආධාර ඉල්ලා ඇත.

නීති සම්පාදක පීටර් කිංග් පැවසුවේ LIPA හි අසංවිධානාත්මක උත්සාහයන් නිසා මිනිසුන් කුපිත වී ඇති බවයි. මිලියන කාලක් පමණ වූ ඇමරිකානුවක් විදුලිය නොමැතිව අඳුරේ සිටින අතර ඉන් 170000 පමණ ලෝන්ග් අයිලන්ඞ් වැසියන් ය.

ඔක්තෝබර් 29 දින ඇමරිකාවේ නැගෙනහිර වෙරළට සැන්ඩි පහර දීීමෙන් මිනිසුන් 120කට වඩා මිය ගිය අතර ඩොලර් බිලියන 50 ක පමණ ආර්ථික හානියක් ද සිදු විය.

Gossip Lanka Hot News Previous News Archive