ස්වයං රැකියාව, කසිප්පු පෙරීම, බාධාව පොලිසියෙන් අල්ලා ගෙන යාම.Self Employed jobs for employment

ස්වයං රැකියා ගැටලූවලට කසිප්පු පෙරීමත් එකතුකරලා
වයඹ පළාතට අයත් ප‍්‍රාදේශීය ලේකම් කාර්යාලයක පසුගිය දා ස්වයං රැකියා දිරිගැන්වීමේ ව්‍යාපෘතියක් ක‍්‍රියාත්මක වූයේ ප‍්‍රාදේශීය දේශපාලකයන් කීපදෙනකු හා නිලධාරීන් රැසකගේ සහභාගීත්වයෙනි.

මෙහිදී ස්වයං රැකියාවලදී කිසිවකුට වහල් නොවී තම කටයුතු නිදහසේ කරගෙන යාමට ඇති ඉඩකඩ පිළිබඳවත්, මෙබඳු ස්වයං රැකියා සඳහා පවුලේ හැමෝගේම ශ‍්‍රමය ලබාගත හැකිවීම පිළිබඳවත් දීර්ඝ දෙසුමක් කළ නිලධාරියකු ස්වයං රැකියා කරන අය මුහුණ පාන ගැටලූවලට විසඳුම් සෙවීම සඳහා ඔවුන්ට කඩිනමින් අයැදුම්පතක් පුරවා දෙන ලෙස ඉල්ලීය.
එහි ස්වයං රැකියාව හා ඊට ඇති බාධක ලියන ලෙස ද දැන් වූ නිලධාරියා පසුව ඒවා එකතු කොට සාකච්ඡුාවට යද්දී එක් අයකු සැපයූ පිළිතුරකින් තිගැස්සී ගියේය.
ස්වයං රැකියාව, කසිප්පු පෙරීම, බාධාව පොලිසියෙන් අල්ලා ගෙන යාම යනුවෙන් එහි සඳහන් වූ බව පැවසූ ඔහු එය ලියුවේ කවුදැයි විමසුවත් සභාවෙන් සිනාවක් මිස පිළිතුරක් නම් ලැබුණේ නැතිලූ.

Gossip Lanka Hot News Previous News Archive