"ජීවිතේ එක් වරක් ඔබ මෙවැනි දෙයක් කළ පමණින් වෘත්තීය ගණිකාවක් වන්නේ නෑ. ජීවිතේ එක් වරක් ඔබ හොඳ ඡායාරූපයක් ගත්තු පමණින් ඔබ දක්ෂ ඡායාරූප ශිල්පියෙක් වන්නේත් නෑ."
අන්තර් ජාලය හරහා සිය කන්‍යාභාවය වෙන්දේසි කළ බ්‍රසීලියානු ජාතික ශිෂ්‍යාවක වන විසි හැවිරිදි කැත්රිනා මිග්ලියෝරිනි එසේ පවසයි. ඉකුත් සති කිහිපය තුළ ඇගේ කන්‍යාභාවය අධික ලංසු යටතේ කේවල් කෙරුණු අතර ඔක්තෝම්බර් 23 වනදායින් අවසන්වුණු එම වෙන්දේසියේ අවසන් පැය තුළ අමෙරිකානු ඩොලර් එක් ලක්ෂ 90,000 ක සිට අමෙරිකානු ඩොලර් හත් ලක්ෂ 80,000 ක් දක්වා ලංසුව ඉහළ ගියේය. ඒ අනුව අමෙරිකානු ඩොලර් හත් ලක්ෂ 80,000 ක මුදලකට ඇගේ කන්‍යාභාවයට හිමිකම් කියූවේ ජපන් ජාතික නට්සු නමැති අයෙකි.
කැත්රිනා මිග්ලියෝරිනි, තාමත් භෞතික විද්‍යා ශිෂ්‍යාවකි. ඇය සිය කන්‍යාභාවය වෙන්දේසි කිරීමෙන් ලැබෙන මුදලින් 90% ක් සැන්ටා කැතරිනා ප්‍රදේශයේ දිළිඳු වැසියන් වෙනුවෙන් නිවාස සංකීර්ණයක් ඉදිකිරීමට කටයුතු කරන බව ඇය Daily mail පුවත් සේවය හමුවේ කියා සිටියාය.
" එක් වරක් මේ අයුරින් ලිංගිකව එකතුවූ පමණින් ගණිකාවක් වන්නේ නෑ. මේක පුංචි වෙළඳාමක් පමණයි. මාත් ආදරය හඳුනන, ආදරය කෙරෙහි විශ්වාසය තබා ඇති කෙනෙක් . නමුත් මං ජීවත්වන ප්‍රදේශයේ දුප්පත් ජනතාවට සෑහෙන සේවයක් වෙයි. මට ඒ ඇති"
කැත්රිනා අවධාරණය කරයි.
virginswanted.com.au වෙබ් අඩවිය තුළින් මෙම අන්තර්ජාල වෙන්දේසිය සංවිධානය කළ virginswanted වාර්තාමය චිත්‍රපටයේ අධ්යක්ෂවරයා මෙන්ම ඕස්ට්‍රේලියානු ජාතික චිත්රපටකරුවෙකු වන ජස්ටින් සිසේලි පවා ඇයගේ ප්‍රකාශයෙන් පුදුමයට පත්ව තිබේ.
" මං හිතුවේ ඇය මෙසේ තමාවම වෙන්දේසි කරගනු ලබන්නේ පුද්ගලික සුඛ විහරණය සඳහා බවයි. ඒත් ඒ මුදල් දුප්පතුන් වෙනුවෙන් වියදම් කිරීමට ඈ බලාපොරොත්තු වන බව ඇසීමෙන් මාව දැඩි කම්පනයකට පත්වුණා" හෙතෙම පෙන්වාදෙයි.
මීට වසර දෙකකට පෙර තෝමස් විලියම්ස් ප්‍රොඩක්ෂන් සමාගම විසින් චිත්‍රපටයක් සඳහා කන්‍යාවියක සොයා පළකර තිබූණු දැන්වීමකට අනුව වාර්තා චිත්‍රපටයක් සඳහා ඇය විසින් ගිවිසුම් අත්සන් කර තිබුණි.
එම කණ්ඩායමක් විසින් virginswanted නමැති වාර්තා චිත්‍රපටය සඳහා ඇයව රූගත කරනු ලැබු අතර අන්තර්ජාලය හරහා මෙලෙස කන්‍යාභාවය විකිණීම හා ගුවන් යානයක ජයග්‍රාහකයා සමඟ සමඟ ගොස් ලිංගිකව එක්වීමද එම චිත්‍රපටයේ එක් අවස්ථාවක් ලෙස පිටපතේ අන්තර්ගතව පැවති බව කැයැවෙයි. කෙසේ නමුත් ඔවුන්ගේ එකතුවීම චිත්‍රපටය තුළ දකින්නට නොලැබිණි.
" මේක බ්‍රසීලයට කොයිතරම් ලොකු කතාවක්ද යත් මේවන විට ඇය එක්තරා උගුලකට හසුවෙලයි ඉන්නේ. යම් හෙයකින් ඇය පුණ්‍යාධාර ලෙස මෙම මුදල් නොයෙදුවහොත් ඇයට සිදුවන අපකීර්තිය නිමක් නෑ" ජස්ටින් සිසේලි සඳහන් කරයි.
කෙසේ වෙතත් මේ වන විට වෙන්දේසිය නිමා වී ඇත. ඒ අනුව නුදුරු කාලයේදී ජපන් ජාතික නට්සු සමග ඇය ලිංගිකව එකතුවනු ඇත.
එහෙත් එය සාමාන්‍ය අත්දැකීමක් නොවනු ඇත්තේ ඇය විසින් මූලාරම්භයේ සිටම ස්වකීය ගැණුම්කරුවාට කොන්දේසි ගණනාවක් පනවා තිබීම නිසාය. ඇය ඔහු සමග එක්වනු ඇත්තේ එකම වරක් පමණි. නීතිමය ගැටලු මගහරවා ගනු පිණිස එය සිදුවනු ඇත්තේ රටක නොව උඩු ගුවනේය. ඒ අනුව ඕස්ට්‍රේලියාවේ සිට ඇමරිකාව බලා ගමන් කරන ගුවන් යානයකදී එක් වරක් ලිංගිකව එක්වීම සිදුවනු ඇති නමුත් එකී ලිංගික සංසර්ගයේදී පවා අනුගමනය කළ යුතු කොන්දේසි රාශියක් ඇය එම වෙබ් අඩවියේ පෙන්වාදී තිබීම විශේෂත්වයකි. එහි සඳහන් වන අන්දමට එම කාර්යය සඳහා තවත් කෙනෙකුගේ සහය ලබාගැනීම, බීමත්ව සිටීම, ජංගම දුරකතන භාවිත හෝ වෙනත් පටිගත කිරීමේ උපකරණ භාවිතා කිරීම, ලිංගික උපකරණ භාවිතා කිරීම ආදිය නොකළ යුතුය. එසේම පොලිස් පරීක්ෂණ වාර්තාවක් මෙන්ම වෛද්‍ය වාර්තාවක්ද ඉදිරිපත් කිරීම අනිවාර්යය. එම කොන්දේසි කඩකිරීම වෙන්දේසියේ ප්රතිලාභ හිමිනොවීමට හේතුවිය හැකි බව අදාළ වෙබ් අඩවියේ පැහැදිලිවම දක්වා තිබේ.
සුබ සාධන කටයුතු සඳහා අන්තර්ජාලය හරහා ක්‍රියාත්මක වන සමාගමක අධ්‍යක්ෂවරයෙකු වන ක්ලෙඔන් ඩස්කලාකිස් පවසන්නේ මෙය ඉතාමක් වැරදි පූර්වාදර්ශයක් බවයි.
" මෙම ගනුදෙනුව ඉතා භයානක පූර්වාදර්ශයක්. ලෝක ව්‍යාප්ත ගණිකා සේවයක් සඳහා මෙය මූලාරම්භයක් වේවි" හෙතෙම සිය බලවත් අප්‍රසාදය පළකර තිබේ.
එහෙත් තමාට තමා ව්‍යාපෘතිය ආරම්භ කිරීම සඳහා කන්‍යාවියක සොයා ගැනීමේදී මුහුණදුන් අපහසුතාව පිළිබඳ කැත්රිනාගේ දායකත්වය ලබා ගනිමින් වාර්තා චිත්‍රපටයක් කළ ජස්ටින් සිසේලි සිහිපත් කරයි.
හොඳ කන්‍යාවියක් තෝරා ගැනීම ඉතාම අමාරු දෙයක්. හැම වෙලේම තෝරා ගන්නා තරුණියන් ,මිතුරු මිතුරියන් හා පවුලේ උදවියගෙන් එල්ලවන විරෝධය හෝ සරදම් නිසා ඉතා ටික කාලයකින් නිෂ්පාදන කණ්ඩායම දාලා යනවා. කැත්රිනා මා විසින් තෝරා ගනු ලැබූවේ ඒ වගේ සෑහෙන අමාරුවකින්. "
හෙතෙම කියා සිටියි.
චිත්‍රපටයේ ඉදිරි කටයුතු සඳහා ඇයව ඕස්ට්‍රේලියාවට කැටුව යාමට නොහැකිවී ඇත්තේ අතරමැද සිදුවූ මෙම අන්තර්ජාල වෙන්දේසිය නිසා බව සිසේලි පෙන්වාදි තිබේ. කෙසේ නමුත් කැත්රිනා යනු කවරෙක්ද? ඇයගේ පවුලේ උදවිය කවුරුන්ද? ඒ අය මෙම සිදුවීම දෙස බලන්නේ කුමන අයුරින්ද යන්න ලෝකයට තාමත් රහසකි.
පෙර ලිපිය කියවන්න මෙතනින්