දිවිනසා ගත්තේ ණය ගෙවන්න බැරිව ! Severe debt forced Grand Pass family into suicide?

කොළඹ ග‍්‍රෑන්ඞ්පාස්, අටේ වත්ත ප‍්‍රදේශයේ නිවසක මිය ගොස් සිටියදී ඊයේ (26) රාති‍්‍ර සොයා ගැනුනු එකම පවුලේ මව, පියා සහ පුතාගේ මළ සිරුරු සම්බන්ධයෙන් විමර්ශනය කරන පොලීසිය, ණය මුදලක් පියවීමට නොහැකිවීම හේතුවෙන් ඔවුන් මෙලෙස සියදිවි නසා ගන්නට ඇතැයි සැක කරයි.

එම මෘත ශරීර ළග තිබී ලිපියක් හමුවී ඇති බව පොලිස් මාධ්‍ය ප‍්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී පි‍්‍රශාන්ත ජයකොඩි මහතා පැවසිය.


ණය බර නිසා මෙවැනි කි‍්‍රයාමාර්ගයකට අවතීර්ණ වන බවට එම ලිපියේ සදහන්ව තිබූ බව ද පොලිස් මාධ්‍ය ප‍්‍රකාශකවරයා සදහන් කළේය.

සිවලිංගම් ශී‍්‍ර කාන්තන් නමැති මියගිය පියාගේ වයස අවුරුදු 38 කි. කෝකිලාවනි නමැති මියගිය මවගේ වයස 24 බවත්, වයස අවුරුදු දෙකක් පමණ වන ශී‍්‍රකාන්දන් සර්වේසස් නමැති ඔවුන්ගේ පුත‍්‍රයාද මෙලෙස මියගොස් තිබෙන බවත් පොලිස් මාධ්‍ය ප‍්‍රකාශකවරයා පැවසිය.

පසුගිය සෙනසුරාදා සිට මොවුන් පදිංචි නිවස වසා දමා තිබී ඇත. ඔවුන්ගේ ඥාතියෙකු නිවසට දුරකතන ඇමතුමක් ලබාදුන්නද ඊට කිසිවෙකුත් ප‍්‍රතිචාර දක්වා නොමැත. ඒ පිළිබඳ සැක සිතූ අදාළ පුද්ගලයා පොලිසිය සමග පැමිණ නිවස පරීක්ෂා කර තිබේ. එහිදී මියගොස් සිටි අයගේ මළ සිරුරු සොයාගැනුනු බව පොලිසිය පවසයි.
.
මියගොස් සිටි පියාගේ සහ කුඩා දරුවාගේ සිරුරු නිවසේ කාමරයක ඇඳක් මත තිබී සොයා ගෙන ඇති අතර, මවගේ මළ සිරුර වහලයෙහි සවිකර තිබූ විදුලි පංකා කොක්කක කඹයකින් ගැටගසා තිබූ ඇත.

නිවස තුළ තිබූ හිස් සිරින්ජර් කිහිපයක්ද සොයාගෙන තිබේ.

මොවුන් කිසියම් විෂ වර්ගයක් ශරීරයට ඉන්නත් කර ගත්තේද යන්න පිළිබඳ සෙවීම සඳහා පරීක්ෂණ කි‍්‍රයාත්මකවේ.

මළ සිරුරු තුන සම්බන්ධයෙන් මහේස්ත‍්‍රාත් පරීක්ෂණය ඊයේ රාති‍්‍ර පැවැති අතර, පශ්චාත් මරණ පරීක්ෂණය අද සිදු කිරීමට නියමිතය.



Gossip Lanka Hot News Previous News Archive