තම අනියම් බිරිඳගේ 13 හැවිරිදි දියණියට අසභ්‍ය ඡායාරූප පෙන්වා ලිංගික අතවර කළ බව කියන වැලිගොඩ දැමීමේ ව්‍යාපාරයක යෙදෙන සිවුදරු පියෙක් අද (06) සිය නීතිඥවරයා මාර්ගයෙන් දකුණු කළුතර පොලිසියට භාරවී ඇත. සැකකරුගේ අනියම් බිරිඳ තම දියණියද සමඟ කළුතර කොට්ඨාස ළමා හා කාන්තා කාර්‍යංශයට පැමිණ මේ පිළිබඳව පැමිණිලි කිරීමෙන් පසුව මෙම සැකකරු නිතීඥ අනුෂා ජයලත් මහත්මිය හා විහාරාධිපති හිමිවරුන් දෙනමක් සමඟ පැමිණ පොලිසියට භාරවී තිබේ.
දෙදරු මවක් වූ අනියම් බිරිඳගේ සැමියා විදේශ රැකියාවක යෙදී සිටියදී සැකකරු සමග පෙම් සබදතාවයක් පවත්වා ගෙන ගොස් ඇති අතර සැකකරුගේ දියණිය හා අතවරයට පත් අනියම් බිරිඳගේ දියණිය එකම පන්තියේ ඉගෙනුම ලබන සිසුවියන් බවත් පොලිස් පරික්ෂණ වලදී අනාවරණය වී තිබේ. කළුතර පොලිසිය සිද්ධිය සම්බන්ධ වැඩිදුර පරික්ෂණ පවත්වයි.