ඉදිරියේදී සිය වින්ඩෝස් ලයිව් මැසෙන්ජර් නම් චැට් උපාංගය නවතා දැමීමට අදහස් කරන බව ඇමෙරිකාවේ මයික්‍රොසොෆ්ට් සමාගම කියා සිටියි.
ඒ වෙනුවට ස්කයිප් මැසේජින් උපාංගය යොදාගැනීමට මයික්‍රොසොෆ්ට් සමාගම තීරණය කර ඇත.
මේ අනුව, 2013 මාර්තු මාසයේ සිට චීනයේ හැර වින්ඩෝස් ලයිව් මැසෙන්ජර් සේවාව අත්හිටුවනු ඇත.
වසර 1999 දී එළිදැක්වුනු වින්ඩෝස් ලයිව් මැසෙන්ජර් සේවාව මුලින් හැඳින්වූයේ එම් එස් එන් මැසෙන්ජර් ලෙසයි.
පළමුව ටෙක්ස්ට් පණිවිඩ හුවමාරුවක් ලෙස ඇරඹි මෙයට පසුව ඡුායාරූප හුවමාරු කිරීම්, වීඩියෝ ඇමතුම් හා කී‍්‍රඩා වැනි පහසුකම් රැසක් එක්විය.
වසර 2009 වන විට ලොවපුරා මිලියන 330ක් පමණ මෙම සේවාව සකී‍්‍රය ලෙස භාවිතා කරන බව පැවසිනි.