Sri Lanka beat New Zealand by seven wickets

නවසීලන්ත කණ්ඩායම සමග පැවැති සිව්වැනි එක්දින තරගයෙන් ද කඩුලු 7ක විශිෂ්ට ජයක් ලබා ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම මීට සුළු මොහොතකට පෙර සමත්විය.වර්ෂාවෙන් බාධා සිදුවීම හේතුවෙන් මෙම තරගය එක් කණ්ඩායමකට පන්දුවාර 32ට සීමා කරන ලදී.ඒ අනුව ප්‍රථමයෙන් පන්දුවට පහරදුන් නවසීලන්ත කණ්ඩායම නියමිත පන්දුවාර 32කදී කඩුලු 8ක් දැවී ලකුණු 131ක් ලබා ගත් අතර ශ්‍රී ලංකා කණ්ඩායම පන්දුවාර 26.2කදී කඩුලු 3ක් පමණක් දැවී දක්වත් ලුවිස් න්‍යාය යටතේ ලකුණු සමකිරීම හේතුවෙන් තරගයේ ජයග්‍රහණය හිමිවිය.


ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් දිනේෂ් චන්දිමාල් ලකුණු 43ක් ලබාගත් අතර කුමාර් සංගක්කාර නොදැවී ලකුණු 42 ක් ලබා ගන්නා ලදී.

Gossip Lanka Hot News Previous News Archive