සංචාරක නවසීලන්ත කණ්ඩායමට එරෙහිව පැවැත්වෙන එක්දින තරගාවලියේ අද (04) පැවැති තරගයට ද වර්ෂාවෙන් බාධා සිදුවීම නිසා ඩක්වත් ලුවිස් න්‍යාය යටතේ ලකුණු 14ක ජයක් ලබා ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත්විය.
මහනුවර පල්ලේකැලේ ක්‍රීඩාංගණයේදී අද පස්වරුවේ ආරම්භ වු මෙම තරගයේ පළමුවෙන් පන්දුවට පහරදුන් නවසීලන්ත කණ්ඩායම නියමිත පන්දුවාර 50 අවසානයේ කඩුලු 6ක් දැවී ලකුණු 250 ක් ලබා ගන්නා ලදී.
ඒ අනුව එම කණ්ඩායම වෙනුවෙන් රොස් ටේලර් ලකුණු 72ක්, බී.ජේ. වැට්ලින්ග් ලකුණු 55ක් රොබ් නිකොල් ලකුණු 46ක් හා ජේම්ස් ෆ්‍රෑන්ක්ලින් ලකුණු 35ක් ලබාගත්හ.
පන්දු යැවීමේදී ලසිත් මාලිංග ලකුණු 39ට කඩුලු 2ක් බිඳ හෙළීමට සමත්විය.
පිළිතුරු වශයෙන් ශ්‍රී ලංකා කණ්ඩායම පන්දුවට පහරදීමට පිටියට පිවිසීමෙන් පසු වර්ෂාවෙන් බාධා සිදුවිය.
කෙසේ වෙතත් ශ්‍රී ලංකා කණ්ඩායම පන්දුවාර 22.5 අවසානයේ කඩුලු 3ක් දැවී ලකුණු 118ක් ලබාගෙන සිටියදී යළිත් වරක් තරගයට වර්ෂාවෙන් බාධා පැමිණෙන ලදී.
ඒ අනුව එම පන්දුවාරය වන විට ඩක්වත් ලුවිස් න්‍යාය යටතේ ශ්‍රී ලංකා කණ්ඩායම ලබාගත යුතු ලකුණු 104ට වඩා වැඩි ලකුණු සංඛ්‍යාවක් ලබාගෙන තිබු බැවින් ජයග්‍රහණය හිමිවිය.
ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් නායක මහේල ජයවර්ධන ලකුණු 43ක් නොදැවී ලබා ගත් අතර තිලකරත්න දිල්ෂාන් ලකුණු 37 ක් ලබා ගැනීමට සමත්විය.