ඒඞ්ස් ඉහළ ගිය රටවල් නවය අතරට එයි, Sri Lanka New World Record

එච්.අයි.වී. ආාසාදනය වීම ඉහළ ගොස් ඇති රටවල් ලෙස අලූතින් හඳුන්වාගත් රටවල් නවය අතරට ශී‍්‍ර ලංකාවත් ඇතුළත් වී ඇති බව ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ ප‍්‍රධාන වෛද්‍ය නිලධාරී ශාන්ත හෙට්ටිආරච්චි මහතා පවසයි.

ඒඞ්ස් පිළිබඳ එක්සත් ජාතීන්ගේ වැඩසටහන මගින් 2012 නොවැම්බර් මස 20 වැනි දා නිකුත් කරන ලද වාර්තාව මගින් මෙම රටවල් නවය නම්කර තිබේ.


පිලිපීනය, බංගලාදේශය, ජෝර්ජියාව, කසකස්තානය, ගිනිබිසව්, ඉන්දුනීසියාව, මෝල්දෝවා ජනරජය හා ශී‍්‍ර ලංකාව එම රටවල් නවයයි.

1986 සිට 2012 සැප්තැම්බර් දක්වා එච්.අයි.වී. ආාසාදිතයන් 1597ක් මෙරටින් වාර්තා වී ඇති අතර පිරිමින් 950ක්, කාන්තාවන් 687ක් හා මවගෙන් දරුවාට ආසාදනය වුණු දරුවන් 56 ක් වාර්තා වී ඇති බව ඒ මහතා සඳහන් කරයි.

Gossip Lanka Hot News Previous News Archive