උගන්ඩාවට ශ්‍රි ලංකාවේ වෘත්තීය පුහුණුව , Sri lanka Support to Uganda

උගන්ඩාවේ වෘත්තීය පුහුණු ක්ෂේත්‍රය ප්‍රවර්ධනය සදහා ශ්‍රි ලංකාවේ සහාය ලබාදීමට ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා කැමැත්ත පළ කර තිබේ.

අද පෙරවරුවේ ජනාධිපතිතුමා හමු වු අවස්ථාවේදී උගන්ඩා ජනාධිපති යුවේරි කගුටා මුසෙවේනි මහතා ඒ පිළිබද ඉල්ලීම කළ බව ජනාධිපති මාධ්‍ය අංශය සදහන් කළේ ය.



ඒ අනුව අමෙරිකානු ඩොලර් මිලියනයක් වැය කරමින් වෘත්තීය හා කාර්මික පුහුණු මධ්‍යස්ථාන එරට ආරම්භ කිරීම සදහා අවශ්‍ය දැනුම, තාක්ෂණය හා ශ්‍රමය ශ්‍රි ලංකාවෙන් උගන්ඩාවට හිමිවනු ඇති .

තෙදින නිල සංචාරයක් සදහා දිවයිනට පැමිණි උගන්ඩා ජනාධිපතිවරයා අතර ‍මෙම නිල හමුව ජනාධිපති කාර්යාලයේදී පැවැත්විණ.


දෙරට අතර ද්විපාර්ශ්වික සබතා ශක්තිමත් කර ගැනීම පිළිබද රාජ්‍ය නායකයෝ මෙහිදී දීර්ඝ වශයෙන් සාකච්ඡා කළ බව ජනාධිපති මාධ්‍ය අංශය පැවසීය.

එහිදී දෙරටේ රාජ්‍ය නායකයින් ඉදිරියේ දෙරටට වැදගත් වන ගිවිසුම් කිහිපයකටද අත්සන් තබා තිබේ.






Gossip Lanka Hot News Previous News Archive