පාතාලේ දරුණුම විස්සක් එලොව යති. Sri Lanka's Welikada prison clash

 මිනී මැරුම්, ස්ත්‍රීදූෂණ, බලහත්කාරකම්, කුඩු ජාවාරම් ඇතුළු බරපතළ ගණයේ අපරාධවලට වරදකරුවන් වී මරණීය දණ්ඩනය හා ජීවිතාන්තය දක්වා සිපිරි ගෙය නියමවූ විශාල පිරිසක් විසින් වැලිකඩ කැරැල්ල මෙහෙයවා ඇති බවද; එහිදී ඇති වූ ගැටුමෙන් කළුතුෂාර තොටළඟ කපිල, ඩොල්පින් චමින්ද ඇතුළු දරුණු ගණයේ අපරාධකරුවන් විස්සක් පමණ මියගොස් ඇතැයිද ආරක්ෂක අංශ තහවුරු කරයි.



මහරගම කළු තුෂාර, තොටළඟ කපිල, කිරිබත්ගොඩ සුසන්ත, ඩොල්පින් චමින්ද, කොන්ඩ අමිල, ඇතුළු පාතාල අපරාධකරුවන් 20දෙනකුගේ කණ්ඩායමක් වැලිකඩ බන්ධනාගාර ප්‍රහාරය සංවිධානය කර ඇති බව අනාවරණය වී තිබේ.

මොවුන් මිනීමැරුම් ඇතුළු විවිධ අපරාධ සම්බන්ධව මරණ දණ්ඩනය හා ජීවිතාන්තය දක්වා සිරදඬුවම් ලබමින් සිටි අපරාධකරුවෝ වෙති.

ප්‍රහාරය දියත් කළ එම පාතාල නායකයන් ඇතුළු ගෝල බාලයන් විසිදෙනාම මැරුම් කා තිබේ. ප්‍රහාරය ක්‍රියාත්මක කළ එම පාතාල අපරාධකරුවෝ 11 දෙනෙක් පැහැරගත් අවි ආයුධද සමඟ වෙඩි වැදී බන්ධනාගාරයේම තුළම මිය ගොස් සිටියහ.

අසරප්පුලිගේ ජෝතිපාල නොහොත් තොටළඟ කපිල (මරණීය දණ්ඩනය), කංකානම්ලාගේ මලිචන්ද නිලේන්ද්‍ර පැල්පොල නොහොත් මාලන් (මරණීය) මොහොමඩ් විජය රෝහණ නොහොත් ගුණ්ඩුවා (ජීවිතාත්තය දක්වා), මලික් සමීර පෙරේරා නොහොත් කොණ්ඩ අමිල, ඩී.ඒ. ලෙස්ටර්ද සිල්වා (මරණීය), ඒ.එම්. තිස්ස කුමාර, අස්වර්ඩීන්, පී. හර්ෂ මණිකීර්ති, පෙරේරා නොහොත් මංජු ශ්‍රී හර්ෂ (කෝට්ටේ ස්වාමීන් වහන්සේලා ඝාතනය කළ), නිර්මල අශෝක්, තුෂාර නොහොත් කලු තුෂාර (මරණීය), අමල්, ප්‍රියන්ත, දුලිප් සංජීව, ජානක ලසන්ත, ලෙස්ලි, ඩොල්පින් චමින්ද, එම ප්‍රහාරය මෙහෙය වූ අපරාධකරුවෝ වෙති.

මිනී මැරුම්, මත්කුඩු ජාවාරම්, ස්ත්‍රී දූෂණ කප්පම්. කොල්ලකෑම්, ආයුධ ජාවාරම ඇතුළු භයානක අපරාධ සම්බන්ධව වැරදි කරුවන් වී දඬුවම් ලබා සිටි අය වෙති.

බන්ධනාගාරය ඒකාධිකාරයක් කරගෙන සිටි එම පාතාල අපරාධකරුවන් සිරගත වුවද ඔවුන් කළින් සිදුකළ අපරාධ ජාවාරම් පිටස්තර සිටින ගෝලබාලයන්ගේ සහයෙන් කරගෙන ගොස් තිබේ. බස්නාහිර පළාත් භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අනුර සේනානායක මහතා ප්‍රකාශ කළේ මොවුන් සැලසුම් සහගතව ප්‍රහාරය කර ඇති බවයි. වැලිකඩ බන්ධනාගාරය සෝදිසි මෙහෙයුමට ලක්කළ විශේෂ කාර්ය බළකායේ නිලධාරීන් ඉන් පිටව යන අවස්ථාවේ රැඳවියන් එම ප්‍රහාරය සිදු කර තිබේ.

ප්‍රහාරය සිදු කිරීමට ජාවාරම්වලට සම්බන්ධ ඇතැම් බන්ධනාගාර නිලධාරීන්ගේ සහය රැදවියන්ට ලැබුණාද යන සැකයක්ද පරීක්ෂණ අංශ වෙත ඇතිවී තිබේ.

ප්‍රහාරය සිදුවන විට බන්ධනාගාර නිලධාරීන් සිවුදෙනෙකු පමණ බන්ධනාගාරයේ සිටි බවට තොරතුරුද පරීක්ෂණ අංශ වෙත ලැබී ඇත. රහස් පොලිසිය සිද්ධිය පිළිබඳ පරීක්ෂණ මෙහෙයවයි. මේ වනවිටත් ප්‍රහාරයට ලක්වූ පිරිස, සිරකරුවන්, නිලධාරීන් ඇතුළු සියයකට වැඩි පිරිසකගෙන් ප්‍රශ්න කර තිබේ.

බන්ධනාගාරයේ තුළ වූ ආයුධ ගබඩා දෙකම රැඳවියන් විසින් කඩා ආයුධ 82ක් පැහැරගෙන ඇත.

ඉන් 72ක් මේ වනවිට සොයාගෙන ඇත. ඉතිරි ආයුධ සහ සිරකරුවන් 07 දෙනෙකු සොයා පරීක්ෂණ සිදුකෙරේ. මියගිය රැඳවියන්ගේ මරණ පරීක්ෂණ ඊයේ වනවිටත් සිදුවෙමින් පැවතිණි. සිද්ධිය සම්බන්ධයෙන් කොළඹ අපරාධ කොට්ඨාසය විශේෂ කාර්ය බළකාය සිද්ධිය වූ අවස්ථාවේ සිදුවූ සිදුවීම් අලළා සකස් කළ වාර්තා පොලිස්පතිවරයා වෙත ඊයේ භාරදීමට නියමිතව තිබුණි.

සිද්ධියේදී පැනගිය රැඳවියන් 07 දෙනෙකු අත්අඩංගුවට ගෙන මේ වන විට වැඩිදුර පරීක්ෂණ සඳහා බොරැල්ල පොලිසියේ රඳවා තිබේ. මේ වන විට සිද්ධියෙන් තුවාල ලැබුවන් තිස් දෙදෙනෙකු කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ලබන බව එහි අධ්‍යක්ෂ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා පැවසීය. මෙම තුවාල කරුවන් අතර විශේෂ කාර්ය බළකායේ 06 දෙනෙක්, යුද හමුදාවෙ 04 දෙනෙක් හා, සාමාන්‍ය වැසියෙකු හා බන්ධනාාගර නියාමකයෙකු ද වෙති.

තුවාල ලැබූවන්ගෙන් 07 දෙනෙකුගේ තත්ත්වය බරපතළ බවත් ඔවුන් දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබන බවද රෝහල් අධ්‍යක්ෂවරයා පවසයි.

විශේෂ කාර්ය බළකායේ තුවාල ලැබූවන්ගෙන් තිදෙනෙකු පොලිස් රෝහළට මාරුකර යවා ඇති අතර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ආර්. රණවන මහතාගේ තත්ත්වය මේ වනවිට සාමාන්‍ය අතට හැරෙමින් පවතින බවද රෝහල් අධ්‍යක්ෂවරයා පවසයි. වැලිකඩ බන්ධනාගාර ප්‍රහාරයේදී මියගිය රැඳවියන් 19 දෙනකුගේ මරණ පරීක්ෂණ අවසන් කර එම මළ සිරුරු ඔවුන්ගේ ඥාතීන් වෙත භාරදුන් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි ප්‍රිශාන්ත ජයකොඩි මහතා පැවැසීය. තවත් මළසිරුරු 7 ක් තමන් හඳුනාගෙන නොමැති බව ද හෙතෙම කීවේය.

මේ අතර වැලිකඩ ගැටුම නිසා බන්ධනාගාරයට සිදුවූ පාඩුව රුපියල් මිලියන 10 ක් පමණ වන බව ගණන් බලා ඇත.

Gossip Lanka Hot News Previous News Archive