SupremeSAT-1 කියන්නේ අපේ කොඩිය අලවපු චීනෙට අයිති එකක් - MP. Tissa Attanayake

ඊයේ චීනයේදී අභ්‍යවකාශගතවූ ලංකාවේ ප්‍රථම චන්ද්‍රිකාව පිළිබඳ විවේචනාත්මක අදහසක් ඉදිරිපත් කරන එජාප මන්ත්‍රී තිස්ස අත්තනායක පවසන්නේ එය ලංකාවේ කොඩිය ඇළවූ චීන චන්ද්‍රිකාවක් පමණක් බවත් මේ මගින් ලංකාවේ තොරතුරු චීනයට යාමේ අවදානමක් පවතින් බවත් හා මේ සඳහා වැය කළ විශාල මුදල අපරාදයක් බවත්ය.
ශ්‍රී ලංකා හා චීන සමාගම් දෙකක් එක්ව ඊයේ අභ්‍යවකාශ ගත කළ චන්ද්‍රිකාව එක් අයකුගේ ආසාවක් ඉෂ්ට කිරීම සදහා රට උකස් තැබීමක් වන බවත්
මන්ත්‍රී තිස්ස අත්තනායක මහතා වැඩිදුරටත් කියා තිඛෙනවා.
ඊයේ කොළඹ පැවති මාධ්‍ය හමුවකදී ඔහු ඒ ගැන කියා සිටියේ මෙසේය.



"චීනයේ සැටලයිට් එකක යම් වෙන්කිරීමක් පමණයි ශ්‍රී ලංකා සමාගම මේ කරගෙන තිඛෙන්නේ. මේක චීනයෙන් හදලා පැත්තකට කරලා තිබුණු චන්ද්‍රිකාවක්. මේ ආණ්ඩුව අපේ අහසත් විකුණනවා. මේ මගින් අපේ සියලු තොරතුරු චීනයට ලබාගන්නත් පිළිවන්. එක බරපතල අවදානමක්.
පසුගිය දවස් ටිකේම ආණ්ඩුව ලොකු ප්‍රචාරයක් ගෙනිච්චා ශ්‍රී ලංකාවේ චන්ද්‍රිකාවක් ගුවන් ගත කරනවා කියලා. මෙය අපේ රටේ ප්‍රථම චන්ද්‍රිකාව බවත් එය ලෝකයේම 45 වෙනි චන්ද්‍රිකාව කියලාත් කිව්වා.
ඒත් මෙම චන්ද්‍රිකාව ගුවන් ගත කිරීම පිළිබඳව දැන් විශාල ගැටලුවක් ඇතිවෙලා ? මොකද මෙය ගුවන් ගත කරන්නේ සාමාන්‍ය ක්‍රමවේදයට පිටින් ද කියන ගැටළුව අපට තිඛෙනවා.
විදුලි සංදේශ නියාමන කොමිසමේ සභාපති අනුෂ පැල්පිට මහතා කියා තිබුණා ඒ පිළිබඳව කිසිදු දැනුවත්වීමක් නැහැ කියලා. එය සමාගම් දෙකක් පමණක් ඇතිකරගත්තු එක`ගතාවක් කියලා.
මේ චන්ද්‍රිකාව සඳහා චීනයෙන් ඇමරිකන් ඩොලර් මිලියන 320 ක ණයක් අරගෙන තියෙනවා. තවත් ඩොලර් මිලියන 40 ක් පරීක්ෂණාගාරයක් ඉදිකිරීමට ණය ලබාගෙන තිඛෙනවා. මේ පිළිබඳ ආණ්ඩුව රට දැනුවත් කළ යුතුයි.
මේ ඉහත ප්‍රකාශ කළ ආයතන දෙක සමග රජයට ඇති සම්බන්ධතාව කුමක්ද කියලා ආණ්ඩුව වහාම හෙළි කළ යුතුව තියෙනවා.
මේ පිළිබඳව පාර්ලිමේන්තුව, ආරක්ෂක අමාත්‍යාංශය සහ විදුලි සංදේශ නියාමන කොමිසම කිසිම තොරතුරක් දන්නේ නැහැ. මේ චන්ද්‍රිකාව අභ්‍යවකාශ ගතකිරීමේදී චීනයත් සමග එළැඹුන කොන්දේසි මොනවාද කියා හෙළි කළ යුතුයි.
විශේෂයෙන්ම ශේෂ්ඨාධිකරණ යත් පසුගිය දවසක තීන්දුවක් ලබා දුන්නා විදේශ ණය ගන්නවා නම් ඒ පිළිබඳව පාර්ලිමේන්තුව දැනුවත් කළ යුතුයි කියා. මේ විදිහට චීනයෙන් ණය අරගෙන අනාගත දරුවන්ව චීනයට උකස් තියන්නද මේ ආණ්ඩුව හදන්නේ.
මේ චන්ද්‍රිකා ගුවන් ගත කළාම ඒ තොරතුරු චීනයටත් දෙන්න ඕනෑ. එහෙනම් අපේ රට වෙනුවෙන් හදපු චන්ද්‍රිකාවක්ද මේ. මේකේ අපේ කොඩිය අලවලා පමණයි තිඛෙන්නේ. මේ අභිරහස කුමක්ද කියා ආණ්ඩුව කිව යුතුයි."


Gossip Lanka Hot News Previous News Archive