ගෝලීය උණුසුම ඉහළ යාමත් සමඟ “The Day After Tomorrow” ප්‍රබන්ධ චිත්‍රපටයේ සිදුවීම් ඇමෙරිකාවේ නිව් යෝර්ක් හා නිව් ජර්සි ආශ්‍රිතව අද සත්‍යයක් වී තිබෙන බව අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා අවධාරණය කරයි.
සැන්ඩි චණ්ඩ මාරුතයට ගොදුරුවී සිටින නිව් යෝර්ක් නගර වැසියන් මෙන්ම ඇමෙරිකාවේ බොහෝ ප්‍රාන්තවල මිලියන 60කට වැඩි ජනතාවක් ගෝලීය උණුසුම ඉහළ යාමේ ඛේදනීය තත්ත්වයට දැන් මුහුණදී සිටී. මේ තත්ත්වයත් සමඟ ඇමෙරිකාවේ බොහෝ ප්‍රාන්තවල විදුලිය බිඳවැටීම්ද වාර්තා වේ.
විදුලිය නොමැතිකමෙන් අහස උසට නැගි විශාල ගොඩනැගිලි පරිපාලනය කිරීමේ මහත් අපහසුතාවන්ට මේ වනවිට
ඔවුන් මුහුණදී ඇත. මෑන්හැට්න් නගරය ආශ්‍රිතව නිෂ්පාදනය කළ ප්‍රබන්ධ චිත්‍රපටයක් වන”The Day After Tomorrow” චිත්‍රපටයේ සිදුවීම්, සත්‍ය සිදුවීම් බවට අද වනවිට පත්වෙමින් තිබේ.විදුලිය නොමැතිකමෙන් අහස උසට නැගි විශාල ගොඩනැගිලි පරිපාලනය කිරීමේ මහත් අපහසුතාවන්ට මේ වනවිට
ලෝකයේ රටවල දියුණුව, සංවර්ධනය පදනම්ව අධික වශයෙන් බලශක්තිය පරිභෝජනයට නැඹුරුවීමත් සමඟ ගෝලීය උණුසුම අධික ලෙස ඉහළ යාම, මෙම තත්ත්වයට ප්‍රධානතම හේතුව බව අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා අනාවරණය කරයි. අද වනවිට ලෝක ජනගහනය බිලියන 07ක් වුවත්, බලශක්තිය පරිභෝජනයේදී එය ලෝක ජනගහනය මෙන් 120 ගුණයක් තරම් ප්‍රමාණයක් බව අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා අවධාරණය කළේ බලශක්ති සංරක්ෂණය පිළිබඳව ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ ප්‍රාදේශීය මහ ලේකම් කාර්යාලයට අනුයුක්ත රාජ්‍ය සේවකයන් දැනුවත් කිරීමේ වැඩසටහනට එක්වෙමිනි.
අද ලෝක ආර්ථීකයෙන් 80%ක් රඳාපවතින්නේ තෙල්, ගල් අඟුරු සහ ගෑස් යන පොසිල ඉන්ධන පදනම් කරගෙනය. පොසිල ඉන්ධන භාවිතය වැඩිවීමත් සමඟ ඒවා දැවීමෙන් පිටවන අඳුරු කාබන් හේතුවෙන් ගෝලීය උණුසුම දිනෙන් දින ඉහළ යාමේ ප්‍රවණතාවක් ඇතිවී තිබේ. 1860 කර්මාන්ත විප්ලවය ඇරඹිමත් සමඟ ක්‍රමක්‍රමයෙන් වැඩිවී තිබෙන ගෝලීය උණුසුම ඉහළ යාම ඉදිරි කාලය තුළදී 1860ට සාපේක්ෂව අංශක 02කින් පෘථීවියේ මධ්‍ය උෂ්ණත්වය ඉහළ ගියහොත් මහපොළොව මත ජීවයේ පැවැත්මට තර්ජනයක් එල්ලවන බව අමාත්‍යවරයා සඳහන් කරයි. අද වනවිට අංශක 0.8කින් එම අගය ඉහළ ගොස් තිබේ. බලාගාර ආශ්රයෙන් සහ වාහන, කර්මාන්තශාලාවලින් පිටවන අඳුරු කාබන් ප්‍රමාණය ඉහළ යාමත් සමඟ ඉදිරි දශක 02ක කාලය ඇතුළත මෙය අංශක 1.5කින් ඉහළ යාම වළක්වාගත නොහැකි තත්ත්වයකට ලෝකයේ බොහෝ රටවල් අද වනවිටත් පත්වී තිබේ.
ගෝලීය උෂ්ණත්වය ඉහළ යාමත් සමඟ අධික වශයෙන් පොළොවේ ඇති ජලය වාෂ්පවීමට ලක්වේ. මේ හේතුවෙන් නියඟය ඇතිවන අතර ඉන් අනතුරුව සුළි කුණාටු අකුණු සහිත මහා වර්ෂාවන්වලට මුහුණදීමට සිදුවේ. අපි අද මුහුණදෙන ගංවතුර තත්ත්වයද ඇති වීමට ප්‍රධානතම හේතුව ගෝලීය උණුසුම ඉහළ යාම බව අමාත්‍ය චම්පික රණවක මහතා පෙන්වාදෙයි. මේ තත්ත්වයන් යටතේ කාලගුණික/දේශගුණික රටාවන් විටින් විට වෙනස්වීමට ලක්වීමද අර්බුදකාරී තත්ත්වයක් බව අමාත්‍යවරයා සඳහන් කරයි.
මෙම දරුණු කාලගුණික දේශගුණික ව්‍යසනයන්, සුළි කුණාටු, අකුණු තත්ත්වයන්, මහ වැසි සමඟ ඇතිවන ගංවතුර මෙන්ම සුනාමි තත්ත්වයන්ද ගෝලීය උණුසුම ඉහළයාමේ අනිසි ප්‍රතිවිපාක ලෙස දුප්පත්, පොහොසත්, සංවර්ධනය වූ සහ සංවර්ධනය වෙමින් පවතින හෝ සංවර්ධනය නොවූ ඕනෑම රටක ජනතාවකට, ඕනෑම අවස්ථාවකදී මුහුණදීමේ අවදානමක් පවතී. ශ්‍රී ලංකාවේ කොළඹ නගරය හා අවට පහත් බිම් සියල්ලටද පොදුවේ සෑම පළාතකටම ද මේ වන විට එම අවදානමේ පෙර ලකුණු පහළවී ඇතැයි අමාත්‍යවරයා මෙහිදී වැඩිදුරටත් පෙන්වාදුන්නේය. මෙය වැළැක්විය නොහැකි තත්ත්වයක් වුවත්, මිනිස් ක්‍රියාකාරකම් මත පදනම්ව පාලනය කිරීමේ හැකියාවක් තිබෙන බවද අමාත්‍යවරයා පෙන්වාදෙයි.