රනිල් වික්‍රමසිංහගේ ලෝකවාර්ත ගැන කතාකරන ටිරාන අලස් , Tiran speaks about ranil wickramasinghe's world records

පාර්ලිමේන්තු මන්ත්‍රී ටිරාන් අලස් මහතා අද ප්‍රකාශයක් කිරීමත් සමඟ සභාවේ උණුසුම් තත්ත්වයක් ඇති විය.
94 වසරේ සිට අවුරුදු 16ක් තිස්සේ විපක්ෂයේ සිටින රනිල් වික්‍රමසිංහ මහතා රට වෙනුවෙන්, විපක්ෂය වෙනුවෙන් කර ඇත්තේ කුමක්දැයි ප්‍රජාතන්ත්‍රවාදී ජාතික සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ටිරාන් අලස් මහතා ප්‍රශ්න කරයි.


තමා පාර්ලිමේන්තුවේ නිහඬව සිටින බවට විපක්ෂනායකවරයා පසුගියදා කළ ප්‍රකාශයක් සම්බන්ධයෙන් අද (19) අය වැය කාරක සභා විවාදය අතරතුර ටිරාන් අලස් මහතා මේ බව පැවසුවේය.

ඒ අනුව පාර්ලිමේන්තුවේ නිහඬව සිට ගිනස් වාර්තා තබා ඇත්තේ තමා නොව මැතිවරණ ගණනාවක් පරාජයට පත්වු විපක්ෂනායක රනිල් වික්‍රමසිංහ මහතා යැයි ටිරාන් අලස් මහතා පෙන්වාදුන්නේය.

අය වැයෙන් විපක්ෂනායකවරයා‍ වෙනුවෙන් වැඩි වැය ශීර්ෂයක් වෙන්කර ඇති බවත් එය මේ ‍‍රටේ ජනතාවගේ බදු මුදල් බවත් අලස් මහතා පැවසුවේය.

මෙහිදී රනිල් වික්‍රමසිංහ මහතා ඊට පිළිතුරු වශයෙන් කියා සිටියේ විපක්ෂනායකවරයා ලෙස විපක්ෂය වෙනුවෙන් කළ හැකි උපරිමය තමා කර ඇති බවත් අවුරුදු 3ක් තිස්සේ පාර්ලිමේන්තුවේ කතා නොකර සිටි මන්ත්‍රීවරයෙකු අද කතා කරවු බවත්ය.




Gossip Lanka Hot News Previous News Archive